පළාත් සභාවක ප‍්‍රධාන ලේකම්වරයාට නියෝග ලබාදිය හැක්කේ එම පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍යවරයාට නොව රාජ්‍ය සේවා කොමිසන් සභාවට බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.
ගාල්ල-කොළඹ ප‍්‍රධාන මාර්ගය චීන ජාතිකයන් පිරිසක් විසින් අහුන්ගල්ල ප‍්‍රදේශයේදී ලී දඬු දමා අවහිර කිරීම නිසා පැයක පමණ වේලාවක් පාර අවහිර විය.
'මිස් අර්ත් -2013' කිරුළ දිනා සිටින කාටියා වැග්නර් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයේ අවසන් මහා තරගයේ ආරාධිතයෙකු ලෙස සහභාගී වීමටයි.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ සහාය පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය රුවන් කල්පගේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට භාර දී ඇත. මෙම ඉල්ලා අස්වීමේ ලිපිය හෙට පැවැත්වෙන විශේෂ රැස්වීමකදී සලකා බලන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ප‍්‍රකාශ කරයි.
ආණ්ඩුව උත්සාහ කරන්නේ මහපොළ, ශිෂ්‍යාධාර සිසුන්ට අහිමි කරන්න
ආණ්ඩුව මහපොළ හා ශිෂ්‍යාධාර සම්බන්ධයෙන් පවත්වාගෙන යන ක්‍රමවේදය මෙතෙක් අවුරුදු 15ක් 20ක් පුරාවට නොපැවති බවත් ආණ්ඩුව සිසුන්ට ශිෂ්‍යාධාර වෙනුවට රැකියා කිරීමට බලකරන බවත් මේ නිසා ක්‍රමයෙන් ශිෂ්‍යාධාර මුදල අහෝසි කරන ක්‍රමවේදයක් ආණ්ඩුව සකසමින් සිටින බවට සැක මතුවන බවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික ප්‍රකාශ කරයි.
නියඟය වැඩි වශයෙන් බලපා ඇත්තේ හම්බන්තොට සහ පුත්තලම යන දිස්ත‍්‍රික්කවලට බව ගොවිජන සංවර්ධන කාර්යාලය පවසයි. එහි ජල කළමනාකරන අංශයේ ප‍්‍රධානී ප‍්‍රභාත් විතාරණ මහතා සදහන් කළේ එම දිස්ත‍්‍රික්කවල භූගත ජලය ද සිදී ගොස් ඇති බවයි.
පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට ලක්වූ පුත්තලම ආණමඩුව නවගත්තේගම ජාතික පාසලේ ගුරුවරියක් දණගැස්වූ සිද්ධියේ ඇසින් දුටු ප‍්‍රධාන සාක්‍ෂිකරු ළිඳකට වැටී මිය යාමෙන් පසු සිදු කෙරුණ පශ්චාත් මරණ පරීක්ෂණයේදී පෙනහළුවල ජලය නොතිබීමත් , දිව තුවාල වී තිබීමත් සැක සහිත කරුණු බව ප්‍රකාශවී ඇත.