මූලික වැටුප වැඩිකරන ලෙස ඉල්ලූවිට ජනතාව නොමඟ යවා සීනි බෝල අය-වැයක් ඉදිරිපත් කළ ජනාධිපතිවරයා ජනතාව මුළාකරමින්  සිටින බව  ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ වසන්ත සමරසිංහ මහතා පවසයි.

මෙරට එච්.අයි.වී ආසාදිතයන්ගේ සංඛ්‍යාව සාමාන්‍ය පුද්ගලයින් අතර එච්.අයි.වී ආසාදිතයන්ගේ සංඛ්‍යාවට වඩා සමලිංගික පිරිමින් අතර දහ ගුණයක් වැඩි බව එච්අයිවී ඒඞ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂක වෛද්‍ය සිසිර ලියනගේ මහතා සදහන් කරයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ඉකුත්දා ලබාදුන් සිය යෝජනාවලියට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන් ප‍්‍රතිචාර ලැබී ඇතැයි ජාතික හෙළ උරුමය පවසයි.

අතුරුගිරිය ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් දැරියක පැහැරගෙන ගොස් අපහරණය කළ ඇයගේ ඥාති තරුණයකුට සහාය වී ඇති බව කියන ඇගේ පුංචි අම්මාවරුන් දෙදෙනකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත්කොට අද (27දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජේ‍්‍යෂ්ඨයන් සහ ජාතික හෙළ උරුමයේ නායකයන් අතර පසුගිය 21දා පැවැති සාකච්ඡාව අතරතුර තමන් එයින් ඉවත්ව යෑම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුදින හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගෙන් සමාව ඉල්ලා තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් නොහොත් කුමාර් මහත්තයා හෙට (28) දිවයිනට යලි පැමිණීමට නියමිතව තිබේ.

ඔහු යළි ලංකාවට පැමිණීමේදී භාවිතා කරන නම නොයෙල් මුදලිගේ නැමැති අන්වර්ථ නාමයම බව ආගමන විගමන අභ්‍යන්තර තොරතුරු වාර්තා කර සිටී.

ලංකා සමසමාජ පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේ දී සම්පූර්ණ සහයෝගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.

අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විසින් හෙට (27) පැවැත්වීමට නියමිත අතුරුදහන්වුන් සැමරීමේ ජාතික දින උත්සවයට සමගාමීව මඩ පෝස්ටර් ව්‍යාපාරයක් ඊයේ රාති‍්‍රයේ දී දියත්කර තිබේ. වර්ණ 4 කින් යුතු මුද්‍රණය කර ඇති මෙම පෝස්ටර් වර්ග දෙක අතුරුදහන්වුන්ගේ පුවල් එකතුවේ සියලූම සංවිධායකවරුන්ගේ නිවෙස් ඉදිරිපිට කැපී පෙනෙනෙ ලෙස අලවා තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

ld add copy

Connet With Us