ශ්‍රී ලංකාවේ මෝටර් රථ වාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව බෞද්ධ භික්ෂුන් වහන්සේට රියදුරු බලපත්‍ර නිකුත් නොකරයි.
මධ්‍යම පරිසර අධිකාරියේ අයතා ගනුදෙනු දෙකක් හේතුවෙන් කෝටි පහකට ආසන්න (රු. 49,623,542/-) මුදලක දූෂණයක් සිදුව තිබේ.
තමාට එල්ල වී ඇති තර්ජනය හමුවේ ඉල්ලූ ආරක්ෂාවට හාත් පසින් වෙනස් දෙයක් ලබා දී ඇති බව ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ සභාපති පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාව සඳහන් කරමින් ජාතික නිදහස් පෙරමුණ සමග ගිවිසුමකට එළැඹියේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
රූපලාවණ්‍යාගාර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැනට තිබෙන නීති ප්‍රමාණවත් නොවන නිසා එම නීති සංශෝධනය කිරීමට හෝ අලුතින් නීතිගෙන ඒමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති අංශයට උපදෙස් ලබාදී ඇත.
ක්ෂණික නූඩ්ල්ස් ආහාරයට ගැනීම හෘදයාබාධ, දියවැඩියාව සහ ආඝාතය වැනි රෝග ඇතිවීමට හේතු වන බව ඇමෙරිකානු විද්‍යාඥයින් පිරිසක් සොයාගෙන ඇත.
පහ වසර ශිෂ්‍යත්ව විභාගය හෙට ඉරිදා (17) දිවයින පුරා මධ්‍යස්ථාන 2870කදී පැවැත්වේ. 17 වැනිදා පෙරවරු 9.30 සිට 10.15 දක්වා පළමු ප්‍රශ්න පත්‍රයත් පෙරවරු 10.45 සිට දහවල් 12.30 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රයත් පැවැත්වේ.
විමල් විරවංශ මහතාගේ අමාත්‍යංශයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය අෂු මාරසිංහ මහතා, රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් ආරම්භකරනු ලැබ ඇති දේශපාලන ක්‍රමෝපායික කාර්යංශයේ ප්‍රධානියා ලෙස පත් කොට ඇත.