පසුගිය 04 වන දින බස් රථයක් මංකොල්ල කෑවේ යයි එල්ල වී ඇති චෝදනා මත දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ සභාපති අමිල රුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා ධජය යටතේ උතුරු නැගෙනහිර මුහුදු සීමාවම චීන ධීවර කණ්ඩායම් විසින් විනාශ කර දමන බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සමිතිය පවසයි.

'ධනවත් මුග්ධයෝ හමුදාව සමග පරිසරය වනසයි' නමින් 2014 ජූලි 07 වන දා පලවූ ලිපිය සම්බන්ධයෙන් four wheel drive club හී වැඩ බලන ලේකම් අජිත් ප්‍රනාන්දු මහතා, එම ලිපියෙහි ඇතුළත් ඇතැම් කරුණක් සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් අපවෙත එවා ඇත. ඒ පහත පලකර සිටිමු.

දයාසිරි-හරීන් පෙර ආත්මයේ තිරිසනුන් විය හැකි බව අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

නිමාවට පත්වු 2014 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අන්තර්ජාලය ඔස්සේ වැඩිම පිරිසක් නැරඹු ඉසව්ව ලෙස වාර්තා අතරට එක්ව ඇත. අමෙරිකාව තුල පමණක් මිලියන 5යි දශම 3ක් අන්තර්ජාලය ඔස්සේ මෙවර තරගාවලිය නරඹා ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඇතැම් ප්‍රාදේශිය සභා හා නගර සභා මන්ත්‍රීන් කොමිස් ගසතියි උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා උකුවෙල සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී මෑතකදී කළ කතාව ප්‍රසිද්ධීයේ ඉල්ලා අස් කරගත යුතු යැයි මාතලේ ප්‍රාදේශිය සභා රැස්වීමේදී උප සභාපති නිමල් ජයවර්ධන මහතා පැවසීය.

මෙරට සෑම පුද්ගලයින් 4 දෙනෙකුගෙන් එක් අයෙකුට අධික රුධිර පීඩනයට ගොදුරු වීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නිළ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් දකුණු කොරියානු රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තුවක් නිකුත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (14) නියෝග කළේය.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us