රාජපක්ෂලා සමෘද්ධිලාභීන්ගේ ගිණුමෙනුත් හොරාකාලා (audio)

Published in පුවත්
Tuesday, 17 February 2015 14:32
පසුගිය ආණ්ඩුව සමයේ සමෘද්ධි ලාභීන්ගේ අනිවාර්‍ය ඉතුරුම් වලින් ලක්ෂ 17,000ක් පමණ සමෘද්ධි නිලධාරීන්ගේ පාරිතෝෂික දීමනා ගෙවීමටත්  පසුගිය රජය යටතේ රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීම යටතේ ක්‍රියාත්මක වූ රුපියල් 2,500ක වැටුප් වැඩි කිරීම ලබා දීම සඳහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගැනීම වෙනුවට සමෘද්ධිලාබීන්ගේ ඉතුරුම් ගිණුම්වල මුදල් ලක්ෂ 29,000 ක මුදලක්ද හොරා කා ඇති බව නිවාස හා සමෘද්ධි ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අද(17) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
 
නිවාස හා සමෘද්ධි කටයුතු අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ඇමති සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ  මුල් සේවා කාලය සමඟ විශ්‍රාම වැටුපට දායක වූ  සමෘධි සහ දිවිනැගුම ක්ෂේත්‍රයේ 8378ක ගේ අහිමි වූ අයිතිවාසිකම් නැවත ලබා දීමට පියවර ගන්නා බවයි. 
 
මේ අනුව ඔවුන්ට හිමි අර්ථ සාධක අරමුදල් සහ පාරිතෝෂික දීමනා  නැවත ලබාදීමේ  ඵලදායි විසඳුමකට පිවිසීමට හැකි වූ බව ඒ මහතා ප්‍රකාශ කරනු ලැබුවේය.  පසුගිය ආණ්ඩුව සමයේ මෙම නිලධාරීන්ට  යෝජිත විශ්‍රාම වැටුප ලබාදීමද නවතා දමා තිබී ඇත.
 
මීට අමතරව දිවි නැගුම සම්මේලනයට සමෘද්ධි ක්ෂේත්‍රයේ මුදල් ලක්ෂ 630 ක් පමණ නාස්ති කාර ලෙස වියදම් කර ඇතැයි පැවසේ. මේ රජයේ ප්‍රතිපත්තිය මුදල් හොරා කෑම නොව මුදල් නැවත ලබාදීම වන හෙයින් ඒ සියල්ල නැවත ලබා දීමට කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් පැවසුවේය. 
 
හඬපටය
 
saji
saji1
sajith

 

Last modified on Tuesday, 17 February 2015 15:51

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us