හිටපු ජනපතිගේ ප්‍රවාහන අධ්‍යක්ෂක අත්අඩංගුවට

Published in පුවත්
Tuesday, 17 February 2015 13:01

ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන අස්ථානගත වීමේ චෝදනාව මත එහි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ කීර්ති සමරසිංහ දිසානායක නැමැත්තා අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් ‍රෝහණ මහතා පැවසුවේය.

ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන අස්ථාන ගතවීමේ චෝදනාව මත අදාළ පුද්ගලයාට රටින් පිටවීම වළක්වන නියෝගයක් ද පසුගිය 26දා කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදී තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී තිබූ අතර ජනාධිපති කාර්යාලයේ වැඩ බලන නිලධාරියකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් මත සිදු කෙරෙමින් පවතින විමර්ශනයකට අදාළව ‍ මෙම ඉල්ලීම කර තිබිණ.

ජිප් රථයක්, කාරයක් හා යතුරු පැදියක් සම්බන්ධ තොරතුරු ලබා දීමට නොහැකි වීම මත මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු ප්‍රශ්න කිරීමෙන් අනතුරුව උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us