ITN ඉඩම විකුණයි

Published in පුවත්
Saturday, 19 July 2014 21:40

ආයෝජකයන්ට විකිණීම සඳහා කොළඹ නගරයේ ස්ථාන විස්සක ඇති ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවි ඇති අතර එහි විශේෂත්වය වන්නේ කොළඹ ටොරින්ටන්හි පිහිටි ස්වාධීන රූපවාහිනී සංස්ථාවට අයත් ඉඩම ද පවරා ගැනීමට නියමිත වීමය.

චන්ද්‍රිකා තාක්ෂණය භාවිතර කරමින් පොළව අභ්‍යන්තරයේ ඇති වස්තූන් සොයා ගත හැකි නවීන උපකරණයක් ලබාගැනීමට මේ වනවිට ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය සමග පරීක්ෂණයක නිරත වී සිටින බවත්, එමගින් නිදන් කොල්ලය නැවැත්වීමට හැකිවන බවත් ජාතික උරුමයන් පිළිබද අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා පවසයි.

මීරිගම කණ්ඩලම වලව්වෙන් බේරාගනු ලැබ පන්නිපිටිය දෙව්රම්වෙහෙරේ රඳවා සිටි අලි පැටවා වනජීවී නිලධාරීන් විසින් භාරගෙන උඩවලව ඇත් අතුරු සෙවණට රැගෙන විත් ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් රාජ්‍ය ආයතන නිරීක්ෂණය කිරීමට යන්නේ ඒවාට යහපතක් කිරීමට නොව හැකි වූ දිනක ඒවා විකුණා දැමීමට සැලසුම් සකස් කිරීමට බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

සාමුහික තීන්දුවලට එකඟ වීමට බැරි නම් ආණ්ඩුවෙන් ඉවත් විය හැකි බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඇමතිවරුන් දෙදෙනෙකුට පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී පැවසු බව අමාත්‍ය විමල් විරවංශ මහතාගේ 'ලංකා සි නිව්ස්' වෙබ් අඩවිය අනාවරණය කරයි.

පෘතුගාල අග්‍රාමාත්‍ය පේද්රෝ මැනුවෙල් මාමදේ පැසෝස් දෙදින සංචාරයක් සඳහා හෙට (20) ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

අධිවේගී මාර්ගවල භාවිතයට ගැනෙන සහ රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනයේදී අදාළ වන සංඥා ඇතුළු මෙතෙක්‌ භාවිතයට නොගැනුණු මාර්ග සංඥා හඳුන්වා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නීතියෙන් වරදකරුවකු වන නිසා ඔහුගේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ සාමාජිකත්වය පිළිබඳ තවදුරටත් කතා කිරීමට අවශ්‍ය නොවන බව ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්‌වැල්ල මහතා ප්‍රකාශ කළේය.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us