මීගමුවේ ධීවරයින් දෙපිරිසක් අතර පවතින අර්බුදය මේ වන විට උග්‍ර තත්වයට පත්ව අැත.

ජාතික හැදුනුම්පත රැගෙන මාස 06කට වඩා විදෙස් රටක සිටිනවා නම් හැදුනුම්පත පුද්ගලයින් ලියාපදංචිකිරීමේ කොමසාරිස් ජනරාල්වරයාට භාරදියයුතු බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ආර්.එම්.එස් සරත් කුමාර මහතා පවසයි.

දුෂ්කර ගුරු හිඟය පියවීම සඳහා ගුරු සහායකයන් 50,000ක් වසර 5ක් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පාසලක සේවය කිරීමේ කොන්දේසියට යටත් ව බඳවා ගෙන වසර 4ක සේවයකින් පසු එම ගුරු සහයකයන්ට අධ්‍යාපනවේදී උපාධියක් ලබා දී උපාධිධාරී ගුරුවරුන් ලෙස ස්ථිර කර ශ්‍රී ලංකා ගුරුසේවයට අන්තර්ග්‍රහණය කිරීමට 2015 අයවැයෙන් ඉඩ සලසන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

සචින්ගේ ජිවිත කතාව

Published in පුවත්
Thursday, 06 November 2014 11:17
ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් විසින් රචනා කරන ලද ඔහුගේ ජිවිත කතාව අද, බ්‍රහස්පතින්දා එළි දැක්වීමට නියමිතව තිබේ.
ජාතික හෙළ උරුමය විසින් සන්ධානය වෙත ඉදිරිපත් කර ඇති සංශෝධන සම්බන්ධයෙන් එකඟතාවකට නොපැමිණෙන්නේ නම් තව දුරටත් සන්ධානය තුළ නොසිටින බව එම පක්‍ෂ නියෝජ්‍ය ලේකම් උදය ගම්මන්පිල මහතා පවසයි.
පසුගිය දා පාකිස්තානයේ සිදුවූ මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාරය තරයේ හෙලා දකිමින් ශ‍්‍රී ලංකාව ඒ පිළිබද කණගාටුව පළ කළේය.

යුගයක වෙනසකට සියලූදෙනාම සූදානම් විය යුතු බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකාට රටින් පිටවීම තහනම් කර ලබාදී තිබූ නියෝගය ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද(05) තීරණය කළේය.

ld add copy

Connet With Us