2013 වසරේ ‘මිස් අර්ත් එයාර්‘ හෙවත් ‘මිහිකත රූ රැජින‘ කිරුළ දිනා ගත් ඔස්ට්‍රියාවේ කාර්ටියා වැග්නර් අද (30) ශ්‍රී ලංකාවට පැමිණියාය. මෙවර ටී.වී දෙරණ විසින් සංවිධානය කරනු ලබන ‘වීට් මිස් ශ්‍රී ලංකා රූ රැජිනට කිරුළ පැළැන්දවීම ඇය විසින් සිදුකෙරෙනු ඇත. 

VIP ස්පා ව්‍යාපාරයක් ආරම්භ කරමින් ව්‍යාපාරික ලොවට පිවිසි කෞශල්‍යා මාධවී මෙවර ඌව පළාත් සභා මැතිවරණයේදී තරඟ වදින හිටපු මහ ඇමති හා වත්මන් කතානායකවරයාගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ පිලිබඳ චරිත සහතිකයක් ලබාදී ඇත. 

ශ්‍රී ලංකාව ණය බර අඩු කරගනිමින් ආකර්ෂණීය වර්ධනයක් ලබාගනිමින් ඇති බව පැවසුවද ආණ්ඩුවේ මුළු ආදායම වාර්ෂික ණය ගෙවීමට ප්‍රමාණවත් නොවන බව සංඛ්‍යාලේඛන මගින් හෙළිවන බව  ඇති බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. 

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන යටින් දළදා කරඬුවට ඉහලින් ඉදිකොට තිබූ වක්‍රාකාර වියන මෙයට දින කිහිපයකට පෙර අතුරුදන් වී ඇත.

තම පක්ෂය තීන්දු ගන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ මතයට ගරු කරමින් බවත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට තනිව ආණ්ඩුවක් කරගෙන යෑමට හැකි වුවද සහෝදර පක්ෂ හෑල්ලූ නොකරන බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ආගමික අන්තවාදී සංවිධානවලින් කලාකරු හා මාධ්‍යවේදී  සිරිමල් විජේසිංහ මහතාට දිගින් දිගටම තර්ජන එල්ලවන වන බව ඒ මහතා පවසයි. ලංකාවේ පිරිසිදු බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම උදෙසා ඔහු විසින් නිර්මාණය කිරීමට නියමිතව ඇති "Cult Monk" වාර්තා චිත්‍රපටයට එරෙහිව මෙලෙස තර්ජන එල්ල වේ. 

සමාජ ක්‍රියාකාරීත්වයක නිරතවන අයගේ Facebook ගිණුම් අක්‍රීය කිරීමේ හා එමගිණුම්වලට මඩ ප්‍රහාර එල්ල කිරීමේ අරමුණින් Facebookජාලයට වෛරසයක් නිකුත්කර ඇතැයි වාර්තා වේ. 

පසුගිය දකුණු පළාත් සභා මැතිවරණයේදී එජාපය යටතේ මාතර දිස්ත්‍රීක්කයෙන් තරඟ කල ජනප්‍රිය නිලි නදීෂා හේමමාලි ට  අම්බලන්ගොඩ ආසනයේ සම සංවිධායක ධුරය බාර ගන්නැයි එජාප නායකත්වය විසින් ආරාධනා කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ. 

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us