හමුදා ඉතිහාසයේ ප්‍රථම ෆීල්ඩ් මාර්ෂල් ධුරය 22 වන දා ෆොන්සේකාට

Published in පුවත්
Tuesday, 03 March 2015 15:03

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක, හිටපු යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාෂල් ධුරයට උසස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත.

මාර්තු 22ද ඊට අදාළ උත්සවය සංවිධානය කිරීමට ආරක්ෂක අමාත්‍යංශය මේවනවිට කටයුතු යොදා තිබේ.

මේ අනුව, හමුදා සේවයේ ඉහළම තනතුර වන ෆීල්ඩ් මාෂල් ධුරය හිමිවන පළමු ශ්‍රී ලාංකිකයා වනු ඇත්තේ සරත් ෆොන්සේකා මහතාය.එමෙන්ම හමුදා ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී ජනරාල් ධුරයට උසස් කරනු ලැබු ප්‍රථම නිළධාරියවන්නේද සරත් ෆොන්සේකා මහතාය.

එල්.ටි.ටි.ඊ. සංවිධානය යුධමය වශයෙන් සමුල ඝාතනය කිරීම සඳහා නායකත්ව ලබාදුන් ජෙනරාල් ෆොන්සේකා, 2010 ජනාධිපතිවරණයේ දී හමුදා සෙබළුන් රාජපක්ෂික භාවයෙන් මුදා ගැනීම යන චෝදනා හේතු කොට ගෙන සියලු එතෙක් දැරූ සියලු තනතුරුවලින් පහ කෙරුණි.

එහෙත් මෙවර ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා දුන් පොරොන්දුවක් මත පසුගියදා ෆොන්සේකා මහතාට ජනාධිපති සමාව ලැබුණු අතර සියලු තනතුරු සහ වරප්‍රසාද හිමි විය.


List of field marshals


http://en.wikipedia.org/wiki/List_of_field_marshals

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us