මහින්ද අගමැති කරන්න ශ්‍රීලනිපයට තහනම්

Published in පුවත්
Tuesday, 03 March 2015 14:43

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන නියෝජිතයින්ට විවිධ දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරනු ලබන රැස්වීම් සඳහා අනුමැතියකින් තොරව සහභාගී විය නොහැකි බවට නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

එමෙන්ම පක්ෂයේ මහජන නියෝජිතයින්ට සිය අභිමතය පරිදි කටයුතු කිරීමට සහ මාධ්‍යයට අදහස් දැක්වීම වැළැක්වීමට නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් තීරණය කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා අනාවරණය කරයි.

මහජන නියෝජිතයින් සිය පෞද්ගලික අදහස් මාධ්‍යයට ඉදිරිපත් කිරීම තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තීන්ට හානි සිදුවන බැවින් මෙම තීරණය ගත් බව අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේය.

දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධාන ගතව සිටින දේශපාලන පක්ෂ සමග එක්ව ඉදිරි මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබාගැනීම නිදහස් පක්ෂයේ අරමුණ වී ඇති බව ප්‍රධාන ලේකම්වරයා සිය නිවේදනයෙන් පෙන්වාදෙයි.

දේශපාලන පක්ෂ කිහිපයක සංවිධානත්වයෙන් පසුගිය මස 18 වැනිදා නුගේගොඩ පැවැති රැස්වීමකට සහභාගි වූ බවට එම පක්ෂයේ පාර්ලිමේන්තු හා පළාත් පාලන නියෝජිතයින්ට චෝදනා එල්ල වූයේය.

ලබන මාර්තු 06 වනදා මහනුවරදී ද යළිත් එවැනි රැස්වීමක් සංවිධානය කර ඇති බව සැළවීම සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන නියෝජිතයින් එයට සහභාගිවීම වැළැක්වීම උදෙසා මෙම තීරණයට එළඹි ඇති බව සැලවේ.

Last modified on Tuesday, 03 March 2015 14:56

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us