එම නියෝජිත පිරිස වත්මන් මාධ්‍ය නිදහස මාධ්‍යවේදින්ට වූ අසාධාරණකම් මෙන්ම නව රජය ගෙනයන මාධ්‍ය ප්‍රතිපත්ති නව තොරතුරු දැන ගැනීමේ පනත පිළිබදවද සාකච්ඡා කළහ.
එහිදී නව රජය ගෙනයන නව මාධ්‍ය ප්‍රතිපත්ති, මෙන්ම නව තොරතුරු දැන ගැනීමේ පනත කඩිනමින් පාර්ලිමේන්තුවේ සභා සභාගතකර රටේ මාධ්‍ය සන්ස්කෘතිය පිළිබදව විප්ලවීය වෙනසක් ඇතිකිරීමට නව රජය මේම පනතින් අපේක්ෂාකරන බවත් ඇමතිවරයා කියා සිටියහ.
මෙම සාකඡාවට සහභාගිවූ එම විදේශ නියොජිත පිරිස අතර අයි පී අයි ආයතනය නියොජනය කරමින් ස්කොට් ග්රෆ් (Scott Griff- IPI)මහතා, අයි එෆ් ජේ ආයතනය කරමින් ක්‍රිස් වොරෙන්(Criss Warren-IFJ), මෙන්ම අයි එෆ් ඊ එක්ස් ආයතනය නියෝජනය කරමින් සිද්ධර්ත් වර්ධරාජන්(Sidharth Wardharanan-IFEX) හා නිදහස් මාධ්‍ය නියෝජනය කරමින් සුනිල් ජයසේකර මහතා ඇතුලු නියෝජිත පිරිසක් හා ජනමාධ්‍ය අමාත්‍යන්සයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතාද සහභාගිවිය.