ඊයේ එතනෝල් ලීටර් 16000ක් අත්අඩංගුවට

Published in පුවත්
Wednesday, 04 March 2015 07:23

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ එතනෝල් ලීටර් 16000ක් අඩංගු කන්ටේනර් බහාලුමක් ඊයේ(03) ඔරුගොඩවත්ත උප රේගු නිවාරණ පරිශ්‍රයේ දී අතඅඩංගුවට ගන්නා ලදී‍. මෙය තායිලන්තයේ බැංකොක් නුවර සිට ගෙන්වා ඇති අතර රේගු බුද්ධි අංශය මගින් කළ ස්කෑන් පරීක්ෂණයක දී මේ සැක සහිත කන්ටේනරය හඳුනාගෙන ඇත.

ජලය පිරිසිදු කරන කැල්සියම් හයිපො ක්ලෝරේට් නැමැති රසායන ද්‍රව්‍යයක් මුවාවෙන් මේ ද්‍රව්‍ය රේගුව හරහා ගෙන්වා ඇත්තේ මියගිය නිශ්කාෂණ ඒජන්තවරයෙකු (Clearing Agent) ගේ නමට බව මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දුන් රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ජගත් පී. විජේවීර මහතා පවසයි.

මෙහි සමස්ත වටිනාකම රුපියල් ලක්ෂ 78 වන අතර, රජයට රුපියල් ලක්ෂ 58ක බදු වංචාවක් මෙමගින්සිදු වී ඇති බව ගණන් බලා ඇත. රත්මලාන ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක ලිපිනයක් යොදාගනිමින් සිදු කර ඇති මේ නීති විරෝධී එතනෝල් ගෙන්වීම සම්බන්ධයෙන් රේගු බුද්ධි අංශය තවුරටත් පරීක්ෂණ කටයුතු තර කර ඇත.

එමෙන්ම රහස් පොලිසියේ සහයෝගයෙන් මෙහි සුලමුල සොයා වරදකරුවන්ට දැඩි දඩුවම් ලබාදීමට නියමිත අතර, පරික්ෂණ කටයුතුවලට බාධාවක් විය හැකි හෙයින් මේ පිළිබඳ දීර්ග හෙළිදරව්වක් සිදු නොකිරීමට රේගු බුද්ධි අංශය පියවර ගෙන තිබේ.

මේ ද්‍රව්‍ය බැරල්වල සූක්ෂම ලෙස අසුරා තිබූ අතර, බලපත්‍ර රහිතව එතනෝල් ගෙන්වීම හා බදු වංචා කිරීමක් සිදුව ඇති බැවින් මෙය කෝටි ගණනක සොරකමක් ලෙස සැලකිය හැකි යැයි රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us