දුමින්දට, භාරත ඝාතන චෝදනාව සමඟ චෝදනා 17 ක් යටතේ නඩු

Published in පුවත්
Tuesday, 03 March 2015 19:39

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනය කළැයි සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනකුට එරෙහිව චෝදනා 17 ක් යටතේ නීතිපති අද (3) කොළඹ මහාධිකරණයේ නඩු පවරනු ලැබීය.

භාරතගේ සගයකු වෙඩි තබා මැරීමට තැත් කිරීමේ චෝදනාවක්ද ඒ අතර වේ. භාරත ලක්ෂ්මන්ප්‍රේමචන්ද්‍ර මහතාව 2011 ඔක්තෝබර් 08 වැනිදා සවස කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ 11 වැනි සැකකරු වූයේ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ය. අයුතු ජන රාශිය,මිනී මැරීම,මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම,මිනී මැරීමටඅනුබල දීම ඇතුළු කරුණු 17ක් යටතේ මෙලෙස අධි චෝදනා ගොනුකොට ඇත.

2010 ඔක්තෝම්බර් 08 වන දින ඒවන විට පැවතිපළාත්පාලන මැතිවරණය අතරතුරදී‍ කොළොන්නාව ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකදීභාරත ලක්ෂ්මන් මහතා ජීවිතක්ෂයට පත්විය.

ඒ සම්බන්ධයෙන් පැවති නඩුවටඅදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් සාක්ෂි ලබාගැනීම අද (03) දිනයේදසිදුවූ අතර එහිදී දීර්ඝ ලෙස සාක්ෂි ලබාගැනීමෙන් ඉක්බිතිව මහාධිකරණය හමුවේඅධි චෝදනා ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බව මහේස්ත්‍රාත්අධිකරණය විසින් තීරණය කරනු ලදුව නීතිපතිවරයාට දැනුම්දී ඇත.
ඒ අනුව නීතිපතිවරයා විසින් දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us