නිතර මූන හෝදන එකත් ලෙඩක්

Published in Gossip
Tuesday, 03 March 2015 15:46

සමහර අයගේ මූණ හරිම පැහැපත් වගේම පැහැදිලියි. පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. සමහර වෙලාවට අපේ මූණත් මේ තරමටම ලස්සන වුණා නම් කියල අපිට හිතෙනවා.

ගොඩක් වෙලාවට නළු නිළියන්ගේ රූපය තම අපේ සිත් ඇඳ බැඳ ගන්නෙ. ඒ නිසාම අපිත් කොහොමහරි උත්සහ කරනවා ඒ වගේ මුණ පැහැපත් කරගන්න. ඒ අතරින් ඔවුන් පෙනී සිටින වෙළඳ දැන්වීම් වල අඩංගු නිෂ්පාදන මිලදී ගන්න අපි පෙළඹෙනවා. කිසිම සොයා බැලීමක් නොකරම අපි ඒවා භාවිතා කරනවා. නමුත් මේ නිසා නොදැනුවත්ව අපි ලංකර ගන්න ගැටළු බොහොමයි.

වර්තමානය වනවිට බොහෝ පිරිසක් රූපය සම්බන්ධ ගැටළු විතරක් නෙමේ යම් යම් ශාරීරික ගැටළුත් විසඳගන්න උත්සහ කරන්නෙ රූපලාවන්‍ය ශිල්පීන් ශිල්පිනියන් හරහායි. ඔවුන් දෙන උපදෙස් අති විශාලයි. ඒ නිසාම දෝ ඇතැම් කරුණු කාරණා විශේෂයෙන් අපගේ ශාරීරික සෞඛ්‍යට අදාළ ඇතැම් කරුණු කාරණා සම්බන්ධවද ඇතැම්විට ඔබ ලබන උපදෙස් කොතරම් දුරට නිවැරදි දැයි විමසා බැලිය යුතුයි.

ඔබේ මුහුණෙ සම වියළියි, තෙල් සහිතයි, කුරුලෑ සහිතයි ලෙසින් විවිධ සමට ගැලපෙන විවිධ සබන් වර්ග, ෆේෂ් වොෂ් වර්ග අද වනවිට වෙළඳපල දැඩිසේ ආකමණය කරගෙන අවසන්. ඒ නිසාම මේ වෙනකොට සමාජයේ බොහෝදෙනා මෙවැනි සබන් වර්ග ෆේෂ් වොෂ් වැනි දේ නිතර භාවිතා කර මුහුණ සෝදන්නත් පටන් අරන්.

බොහෝ වෙලාවට කාන්තා පාර්ශවය මේ සම්බන්ධව විශාල උනන්දුවක් ද දක්වනවා. මේ වෙනකොට කෙතරම් ඔවුන් මීට ඇබ්බැහි වෙලාද කියනවා නම් කාර්යාලවල රාජකාරී වෙලාව අතරතුර තුන් හතර වතාවක් මේ විදිහට විවිධ සේදුම් කාරක යොදාගෙන මුහුණ හෝදනවා. අපි කවුරුත් පිරිසුදුවට, ප්‍රසන්නව ඉන්න වුවමනා වෙනවා වගේම දිනකට වරක් දෙවරක් මුහුණ සේදීම ගැටලුවක් ඇති කරන්නේ නැහැ.නමුත් එසේ නිරන්තරව ෆේෂ් වොෂ් එසේ නැතිනම් සබන් යොදා තෙල් ඉවත් වන්නට යැයි කියමින් මුහුණ සේදීම සෞඛ්‍ය අතින් කෙතරම් යහපත් දැයි විමසා බලමු.

ස්වභාවිකවම අපගේ ශරීරයේ යම් තෙතමනයක් පවතිනවා. ඒ වගේම ඉන් යම් ප්‍රමාණයක් ස්වභාවිකවම වාෂ්ප වීමක් ද සිදු වෙනවා. එම වියළීම ඕනෑවට වඩා සිදු වුණොත් එමඟින් සම වියළීමකට ලක් වෙනවා.

ඒ නිසා සමේ ඇති තෙත මනස ආරක්ෂා කර ගැනීම වැදගත්. එම කාර්යයේදී සමේ ඇති ස්නේහස්‍රාවී ග්‍රන්ථි මඟින් විශාල සහයෝගයක් ද හිමි වෙනවා.

මෙම ස්නේහස්‍රාවී එසේත් නැත්නම් තෙල් ග්‍රන්ථිවලින් ඇති කරනු ලබන තෙල් ස්වභාවය සම මතුපිට තෙතමනය ආරක්ෂා කළත් අනවශ්‍ය ආකාරයට සබන් සහ ෆේෂ් වොෂ් වැනි සේදුම් කාරක භාවිතා කර වැඩි වාර ගණනක් සේදීමෙන් එම තෙල් ස්වභාවය ඉවත් වී යා හැකියි. මේ සිදුවීම දිගින් දිගටම සිදු වීමෙන් සම මතුපිට තෙල් ගතිය ඉවත් වී සම වියළීමට ලක්විය හැකියි.

ඒ නිසා සබන් එසේත් නැතිනම් ෆෙස්වොෂ් වැනි දේ නිර්දේශිත වාර ගණන ඉක්මවා නිරන්තරව මුහුණ සේදීමට භාවිතා කිරීම නම් එතරම් නුවණට හුරු වන්නේ නැහැ.

Last modified on Tuesday, 03 March 2015 15:49

Leave a comment

worky

worky1

ld add copy

Latest News

Connet With Us