කොට උනොත් වැඩේ ගොඩ

Published in Gossip
Wednesday, 04 March 2015 12:30

උස හාදයෙකු වනවාට කොට හාදයෙකු වීම වඩාත් හොඳ යැයි මෑතක සිදු කරන ලද විද්‍යාත්මක පර්යේෂණ ගණනාවකින්ම ඔප්පු වී ඇත. ඔබ බඩී බෝතලයක් මෙන් වීම අන් අය හා ඔබට ඇති සබඳතා ඇතුලූ බොහෝ දේවලට යෝග්‍ය බව පමණක් නොව කොට පුද්ගලයන් තම සහකාරියට කායික තෘප්තිය ගෙන දීමෙහිද හපනුන් යැයි සනාථ වී තිබේ.

මේ නිසා කොට වීමේ ඇති වාසි ගැන පළ වී ඇති මෙම විද්‍යාත්මක තොරතුරු ගැන දැනුවත් වී උස මිනිසුන් දෙස බලා ශෝක සුසුම් හෙලීම, කොට අයට දැන් නවතා දැමිය හැකිය. (ඔබ අඩි හයක් හෝ එයට ආසන්න උසක් ඇති කෙනෙක් නම් කොට හාදයන්ගේ ජයග‍්‍රහණයේ රහස දැන ගන්නට උත්සාහ කරන්න)

 කොට හාදයන්ගේ විවාහ ජීවිතය වඩාත් ස්ථිරය

5’.7” ට වඩා උස අඩු පුද්ගලයන් දික්කසාද වීමේ ශාක්‍යතාවයේ සාමාන්‍යය වනාහී උස වැඩි පුද්ගලයන් දික්කසාද වනවාට වඩා 32% ක් අඩුය යැයි පසුගිය වසරේ නිව්යොර්ක් විශ්ව විද්‍යාලයේ පවත්වන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත. මෙයට එක් හේතුවක් වන්නේ කොට හාදයන් ස්ත‍්‍රියක් සමග ඇසුරක් ඇති කර ගත් පසු තරමක් කල් වී පසු විවාහ වීම යැයි නිරීක්‍ෂණකරුවන් විශ්වාස කරති. එසේ ඇසුරු කාලය දීර්ඝව පැවැත්වීමෙන් පසු සිදු කරගන්නා විවාහය කෙටි ඇසුරකින් පසු කර ගන්නා විවාහයට වඩා ස්ථිර බව පෙනී ගොස් ඇත යැයි මෙම අධ්‍යයනය සිදු කළ ඇබිගෙයිල් වීස්මන් (Abigail Weitzman) අදහස් දක්වයි.

ඔවුන්ගේ රහස: පෝරුවට යන්නට හදිස්සි වෙන්න එපා. ඇමරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ විශ්ව විද්‍යාලයක සිදු කරන ලද සමීක්‍ෂණයක් අනුව වයස අවුරුදු 20 ට පෙර සිදු කරන විවාහවලින් 60% අසාර්ථක වන බවද 22 න් පසු කර ගන්නා විවාහ දික්කසාදයෙන් නිම වී ඇත්තේ 40% ක් පමණක් යැයිද පෙනී ගොස් ඇත. මෙයින් අදහස් කරන්නේ ඔබගේ පෙම්වතිය කල්ප ගණන් බලා සිටින්නට සැලැස්විය යුතුය කියා නොව විවාහ දිවියට ඔබ යෝග්‍ය වන්නට ටිකක් කල් ගන්න යන්නයි.

 

ඔබට පිළිකාව ඇති වීමේ අවදනාම සාපේක්‍ෂව අඩුය

උසින් වැඩි අයට පිළිකාවක් ඇති වීමේ වියහැකියාව වැඩිය යැයි යුරෝපීයයන් 585000 ක් සහභාගී කරගෙන සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත. කෙනෙකුගේ උස වැඩි වීමට දායක වන හෝමොන පිළිකාවක් ඇති කිරීමටද හේතු විය හැකිය යැයි නිරීක්‍ෂණවලින් පෙනී ගොස් ඇත.

ඔවුන්ගේ රහස: වඩාත් ක‍්‍රියාශීලී වන්න. ව්‍යායාම් කිරීම පිළිකා අවදානම අඩු කරනු ඇත යැයි පර්යේෂණවලින් තහවුරු වී ඇත. දිනකට සාමන්‍යයක් ලෙසින් මිනිත්තු 30 ක් සිරිතක් ලෙසින් ව්‍යයාම් කරන අය ආවාට ගියාට ව්‍යායාම් කරන්නන්ට වඩා රෝගවලින් ආරක්‍ෂාව ලබන බව ෆින්ලන්තයේ සිදු කරන ලද සමීක්‍ෂණයකින් අනාවරණය විය.

 

ඔබ වැඩි කල් ජීවත් වනු ඇත

PLOS සඟරාව මගින් 2012 සිදු කරන ලද සමීක්‍ෂණයකින් මිටි දේහධාරීන් වැඩි කාලයක් ජීවත් වන බව තහවුරු වී ඇත. ජපන් සම්භවය ඇති ඇමරිකානු පුරුෂයන් 8000 කගේ ජීවිතවල වසර 40 ක අතීතය මේ සඳහා නිරීක්‍ෂණය කරන ලද අතර උස පුද්ගලයන් -ඔවුන් ශරීර සුවය ගැන සැලකිලිමත්ව සිටියද- සාපේක්‍ෂව උසින් අඩු අයට පෙරම අභාවයට යන බව පෙනී ගොස් ඇත. කෙසේ හෝ කොට පුද්ගලයන්ට වැඩි කල් ජීවත් කරවන ජානයක් හිමි වන බවද එය ගැන වැඩි දුර පරීක්‍ෂණ පැවැත්වීමෙන් මෙම සුවිශේෂී තත්වය ගැන තවත් කරුණු අනාවරණය කර ගන්නට හැකි වනු ඇත යැයිද විද්‍යාඥයන් විශ්වාස කරති.

ඔවුන්ගේ රහස: 50 Ways to Live Longer හා සම්බන්ධ වී මිට්ටන්ට වඩා වැඩි කල් ලොව ජීවත් විය හැකි රහස් ගැන දැනුවත් වන්න.

මිටි අය වැඩියෙන් රති සුවය විඳිති

මෙය බොරුවක් නොවේ. උස හාදයන් ඊර්ෂ්‍යා කිරීමෙන් වැඩක් නැත. මිට්ටන් උස අයට වඩා සාපේක්‍ෂව වැඩි වාර ගණනක් රති කෙළියෙහි යෙදෙති. 2015 වසරෙහි Journal of Sexual Medicine නම් සඟරාව විසින් හංගේරියානුවන් අතර සිදු කළ අධ්‍යයනයකින් 5.9 වඩා උසින් අඩු පුරුෂයන් වඩාත් උස අයට සාපේක්‍ෂව සතියකට 2.69 වාර ගණනක් රති සුවය වැඩියෙන් විඳිති. එමෙන්ම එයට පෙර පවත්වන ලද සමීක්‍ෂණයකින් උස අයට වඩා මිටි අය ගැහුණුන්ගේ අවධානය වැඩියෙන් ලබන බවද පෙනී ගියේය. එසේ වුවද මෙයට හේතුව නිශ්චය කර ගැනීමට නිරීක්‍ෂකයන් පොහොසත් වූයේ නැත.

ඔවුන්ගේ රහස: ගැහැණුන් හිනස්සන්න. තමන්ව වැඩියෙන් හිනස්සන පිරිමින්ට ගැහුණුන් කායිකව ආකර්ශනය වෙති යැයි Journal Evolutionary Psychology සඟරාව විසින් පවත්වන ලද අධ්‍යයනයකින් පෙනී ගියේය. කෙනෙකුගේ හාස්‍ය රසය ඉස්මතු කිරීමට යම් මට්ටමක දැනුමක් හා කුසලතාවයක් තිබිය යුතුය. එවැනි පිරිම්න්ට ගැහැණුන් නිතැතින්ම බැඳෙති. අන් අය -විශේෂයෙන් ගැහැණුන්- හිනස්සන හොඳ විහිළුකාරයෙකු වන රහස් කිහිපයක් දැන ගන්න.

 

උපුටාගැනීම: waidyawaraya

Leave a comment

worky

worky1

ld add copy

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us