මෙවර ජනාධිපතිවරණය සඳහා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරග වදින මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත මන්දිරයට පැමිණියේය. පොදු අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණියේ පළමු වරටය.

2014 දෙසැම්බර් මාසයට අදාලව විභාග දෙපාර්තමේන්තුවේ දෙසැම්බර් මස විභාග දින දර්ශනයට අනුව දෙසැම්බර් 20 සහ 21 දෙදින ශ‍්‍රී ලංකා පරිපාලන සේවා (සීමිත)තරග විභාගය කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කල්මු‍ණේ නගර සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අපේ මාලු රුසියාවට

Published in පුවත්
Wednesday, 26 November 2014 12:45
මෙරටින් මත්ස්‍ය සහ මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීමට රුසියාව එකඟතාව පළකර තිබේ. 

මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.ඒ.හලීම් ගේ මාවිල්මඩ පිහිටි කාර්යාලයට නොවැ. 25 දින අලුයම වෙඩි ප්‍රහාර තුනක් එල්ල කොට ඇත. ප්‍රහාරයෙන් කාර්යාලයේ ජනෙල් සහ බිත්ති වලට අලාභ සිදුව ඇත.

වන්නි දිස්ත්‍රීක් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී හුනයිස් ෆාරුක් මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ.
නොර්වේ විශේෂ සාම නියෝජිතයා ලෙස කලක් කටයුතු කළ එරික් සොල්හයිම් විසින් එල්ටීටීඊ සංවිධානයට මුදල් දුන් බව සහතික කල හැකි ඡයාරූප සාක්ෂි තමා සතුව ඇති බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසුවේය.

ජනාධිපතිවරණ සමයේ ඇති විය හැකි ප්‍රචණ්ඩක්‍රියා මර්ධනය කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක් අවශ්‍ය බව පැෆ්රල් සංවිධානය පවසයි.

ld add copy

Connet With Us