ලංකා විදුලි පෞද්ගලික සමාගමේ නව සභාපතිවරයා ලෙස බන්දුල චන්ද්‍රසේකර මහතා පත්ව සිටී. කොළඹ රාජකීය විදුහලේ අධ්‍යාපනය ලද ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිළිබඳ උපාධිධාරියෙකි.

පසුගිය වසර දෙකේදී තමන්ට පදනම් විරහිත චෝදනා ඉදිරිපත් වූ බවත් අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් වසර දෙකක් අරගල කළ බවත් අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පැවැසුවාය.

බෙහෙත් විසවීම් ඇතුළු නිවසේදී වස විසට ගොදුරු වන්නන් ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ජාතික රෝහලේ විස තොරතුරු මධ්‍යස්ථානයේ ප‍්‍රධානී කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පැවසුවේය.

දිනමිණ පුවත්පතේ වැඩ බලන ප්‍රධාන කර්තෘවරිය ලෙස පුෂ්පා රොවෙල් මහත්මිය ඊයේ (28) වැඩ බාරගත්තාය. ඇය මෙරට දිනපතා ජාතික සිංහල පුවත් පතක කර්තෘ ධුරය ලැබූ පළමු කාන්තාව ලෙස වාර්තා පොතට එක් වන්නීය.

ඉදිරි මහ මැතිවරණයෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරය ලබා දීම වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේම ප්‍රබලයන් කිහිප දෙනෙකු සැලසුම් කරමින් සිටින බව ලංකාඩේලි වෙත වාර්තාවේ.

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන වලට එරෙහිව යුරෝපා සංගමය පනවා තිබෙන තහනම ඉවත් කිරීමට තවත් මාස කිහිපයක් ගත වනු ඇති බව යුරෝපා සංගමය පවසයි.

දුම්වැටි දවටනවල රූපමය අවවාද දැන්වීම් සියයට අසූව දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර අැත.

ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (28) පස්වරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කළේය.

ld add copy

Latest News

දෙවන පාසල් වාරය අදින් ඇරඹේ

දෙවන පාසල් වාරය අදින් ඇරඹේ

2026 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික, සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අදින් (20) ආරම්භ වේ.

Connet With Us