ශ්‍රී ලංගම සේවකයන්ටත් ප්‍රවාහනයේ දවසේ පළමු ගමන්වාරය සහ අවසාන ගමන්වාරය සිදුකරමින් රටේ නිෂ්පාදන ක්‍රියාවලියට විශේෂ දායකත්වයක් ලබාදෙයි.

ශ්‍රී ලංකාවේ දමිළ ජනයා බහුලව වෙසෙන ප්‍රදේශ හමුදාකරණයට ලක්වන අතර ඒ හරහා දමිළ ජනයා හිරිහැරයට ලක්වන බව උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරයන් මහතා පවසයි.

ජාතික පාසල්වල,ගුරු විදුහල්වල,විද්‍යාපීඨවල කම්කරු රැකියා වල නිරත වන්නන් අතර  උපාධිධාරීන් දහසකට අධික ප‍්‍රමාණයක් සිටින බව අධ්‍යාපන කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.
රාජපක්ෂ රෙජීමය පන්නා දැමීටම අවශ්‍ය යැයි පවසන අයට දැන් අවස්ථාව ලබා දී ඇති බව වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි. 
අපේ රටේ ළමා ජනගහනයෙන් කොතරම් ළමුන් සංඛ්‍යාවකට දියවැඩියා රෝගය වැළඳී ඇත්දැයි හඳුනා ගැනීමට මේ වනතෙක්  පර්යේෂණයක්‌ සිදුකර නොමැති බවත්, ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ දියවැඩියා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක ද සුමනතිලක මහතා පවසයි.
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 129 වැනි වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපදේශනාත්මක තීන්දුවක්‌ ඉල්ලා සිටීමට ව්‍යවස්‌ථාව අනුව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට කිසිදු බලයක්‌ හෝ අයිතියක්‌ නැති බව එක්‌සත් ජාතික පක්‍ෂයේ ජාතික නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තුන්වැනි වරටත් ජනාධිපති තනතුර සඳහා තරග කිරීමට ව්‍යවස්ථාමය බාධාවක් ඇත්ද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය විමසා ජනාධිපතිවරයා යොමු කළ ලිපියට අදාළ තීරණය අද (10දා) ජනාධිපතිවරයාට යැවිය යුතු වෙයි.

ජාතික හෙළ උරුමයේ මහ ලේකම්,  විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම සතිඅන්තයේ තම නිල නිවසින් ඉවත්වී යාම සඳහා සූදානම් වන බව වාර්තාවේ.

ld add copy

Connet With Us