ඒකාධිපති බලය අහෝසි කරන ජන බලවේගය බදාදා (12 ) 3.00 ට ආරම්භ වන බවත්, එහිදී මතුවන වීරයකු හරහා මෙම ක්‍රමය වෙනස්‌ කිරීමට සූදානම් බවත් 'පිවිතුරු හෙටක්‌ උදෙසා ජාතික සභාවේ' නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කියා සිටියහ.

රජරට විශ්වවිද්‍යාලයේ විරු සිසු ප‍්‍රතිමාව කඩා දමා ඇති බවට ශිෂ්‍ය සංගම් චෝදනා කරති.

ඉන්දීය දෙමළ ක‍්‍රියාකාරී කණ්ඩායම් කිහිපයක් ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කිරීමට සුදානම් වේ.එම ඉල්ලීම නම් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ඉන්දියාවේ දී ක‍්‍රීඩා කිරීමට අවස්ථාව ලබා නොදෙන ලෙසය.
වත්මන් ජනාධිපතිවරයාට තුන්වන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි දැයි යන විවාදාත්දක කාරණයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය හෙට ප‍්‍රකාශ කිරීමට නියමිතය.
ඉන්දු ශ්‍රි ලංකා ධීවර ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තමිල්නාඩු ප්‍රාන්තයේ විශේෂ සැසිවාරයක් පැවැත්විය යුතු බව ඩි.එම්.කේ.පක්ෂය පවසයි.

ඡන්ද හිමි නාම ලේඛණයට අනුව ජාතික හැදුනුම්පතක් හෝ පිළිගනු ලබන අනන්‍යතා පත්‍රයක් නොමැති වීම හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමිවන පිරිසගේ ඡන්ද අයිතිය ආරක්ෂා කර දීම සදහා කැෆේ සංවිධානය , ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රය (CHR) සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එක්වී වැඩසටහනක් දියත් කර තිබේ.

'පිවිතුරු හෙටක් සඳහා ජාතික සභාවේ' සභාපති සහ ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අතුරලියේ රතන හිමියන් විසින් ලබන දොළොස්වනදා කොළඹ දී පැවැත්වීමට සූදානම් වන මහ සමුළුවක් හේතුවෙන් දේශපාලන ක්ෂේත‍්‍රය උණුසුම් වෙමින් ඇත.

වත්මන් රජයේ ප්‍රබල ඇමතිවරයෙකු වන මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ සවස පොළොන්නරුව පැවැති රැස්වීමකදී තමා තවමත් රතු පාටට හදවතින් ආදරය කරන බව පැවසිය.

ld add copy

Connet With Us