අපරාධ කළ මන්ත්‍රීවරු අත්අඩංගුවට ගන්න පොලීසියට පුළුවන් - කථානායක

Published in පුවත්
Wednesday, 04 March 2015 07:50

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ අත්අඩංගුවට ගැනීමට පෙර හෝ අත්අඩංගුවට ගත් වහා ඒ බව කථානායකවරයාට දැනුම් දිය යුතු බව කථානායක චමල් රාජපක්‌ෂ මහතා ඊයේ (03 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එහෙත් යම් අපරාධ නඩු කටයුත්තක්‌ සම්බන්ධයෙන් කිසියම් මන්ත්‍රීවරයකු පොලිස්‌ අත්අඩංගුවට ගැනීම වළක්‌වාලන ප්‍රතිපාදන කිසිවක්‌ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ අඩංගු නොවන බව කී කථානායකවරයා එවැනි අවස්‌ථාවක පාර්ලිමේන්තුවේ කථානායකවරයාට දැනුම්දීම සම්ප්‍රදායක්‌ ලෙස මෙපමණ කලක්‌ පවත්වාගෙන ආ බව පැහැදිලි වන බවද ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ වරප්‍රසාද සුරක්‌ෂිත කිරීම සඳහා මෙපමණ කලක්‌ සම්ප්‍රදායක්‌ ලෙස මෙය සිදුකළ බවද ඒ අනුව ඉදිරියේදීත් එසේ කළ යුතු බවද කථානායකවරයා ඊයේ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී නිවේදනය කරමින් කීවේය.

තිස්‌ස අත්තනායක මහතා පසුගියදා අත්අඩංගුවට ගත් අවස්‌ථාවේදී ඒ බැව් කථානායකවරයාට දැනුම්දී නැතැයිද මේ පිළිබඳ විපක්‌ෂනායක නිමල් සිරිපාල ද සිල්වා සභාවේ අවධානය යොමු කළ බවද කථානායකවරයා කීවේය.

යම් මන්ත්‍රීවරයෙක්‌ අත්අඩංගුවට ගනිද්දී ඒ බැව් කථානායකවරයාට දැනුම්දිය යුතුද නැද්ද යන්න පිළිබඳ මතයක්‌ ප්‍රකාශ කරන්නැයි අධිකරණ නියෝජ්‍ය ඇමැතිවරයාද ඉල්ලීමක්‌ කළ බව කී කථානායකවරයා ඒ පිළිබඳ පූර්වගාමී කථානායකවරුන් කටයුතු කළ ආකාරය පිළිබඳව අධ්‍යයනයක්‌ කළ බවද චමල් රාජපක්‌ෂ මහතා ප්‍රකාශ කළේය.

1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ පළමු කොටසේ සඳහන් ආකාරයට එම පනත කඩකිරීමකදී හැර කිසිදු මන්ත්‍රීවරයෙක්‌ පාර්ලිමේන්තු රැස්‌වීමකට ගමන් කරද්දී හෝ රැස්‌වීමකට පැමිණ සිටියදී හෝ රැස්‌වීමකට සහභාගිවී පෙරළා පැමිණෙද්දී සිවිල් නඩුවලට විෂය විය හැකි යම් ණයක්‌ සම්බන්ධව එම මන්ත්‍රීවරයා සිරභාරයට ගැනීමට, රඳවා ගැනීමට හෝ හිරිහැර කරනු ලැබීමකට යටත් නොවන බව පැහැදිලිව දක්‌වා ඇතැයිද කථානායකවරයා කීය.

 

Last modified on Wednesday, 04 March 2015 08:27

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us