මහින්ද මහනුවරටවත් එයි කියල බලං ඉන්නවා - දිනේෂ්

Published in පුවත්
Wednesday, 04 March 2015 07:56

ඉදිරි මහ මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා කරන ලෙස ඉල්ලා මහනුවර නගරයේ මෙම 6 වැනිදා පවත්වන රැස්‌වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටද ආරාධනා කළ බව දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (3 දා) ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙම රැස්‌වීමට සහභාගි වන ලෙසත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඉහළ මට්‌ටමේ නායකයන් ඇතුළු සියලු දෙනාට සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ නියෝජිතයන් සියල්ලන්ට ආරාධනා කළ බවද ගුණවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයක්‌ යළි ඇතිකරලීමේ ඒකායන මතයක්‌ ගොඩනැංවීම සඳහා පසුගියදා නුගේගොඩදී පැවැති රැස්‌වීමට පසුව මහනුවර දුම්රිය ස්‌ථානය ඉදිරිපස භූමියේදී පවත්වන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්‌කාර සහ විමල් වීරවංශ යන මහත්වරුද මෙම මාධ්‍ය හමුවේදී අදහස්‌ පළ කළහ.

Last modified on Wednesday, 04 March 2015 08:02

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us