මීගහතැන්න හේන්යාය ප‍්‍රදේශයේ නිවසක පියා සහ පුතෙකු පහරදී ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් පස් දෙනෙකු මේ වන විට හඳුනා ගෙන ඇති බව පොලිසිය පවසයි.

රුපියල් කෝටි හයක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සහිතව අත් අඩංගුවට ගෙන නඩු භාණ්ඩයක් ලෙස බොරැල්ල පොලීසියේ නවතා තිබූ සුපිරි මෝටර් රියක් අනවසරයෙන් රැගෙන ගොස් තිබේ.එම සිදුවීම සම්බන්ධයෙන් පොලීසියේ කොස්තාපල් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.

රත්නපුර පදලංගල උප තැපැල් කාර්යාලයට බලහත්කාරයෙන් කඩා වැදී තාප්පය කඩා දමා ඉඩමෙන් කොටසක්‌ බලෙන් අල්ලාගත් ආණ්‌ඩුවේ දේශපාලනඥයාට සහ ඔහුගේ ගෝල බාලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකළහොත් ලබන 15 වැනිදා සිට දීප ව්‍යාප්ත තැපැල් වර්ජනයක්‌ ක්‍රියාත්මක කිරීමට තැපැල් වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත.

අතුරුදන්වුවන් පිළිබඳ ජනාධිපති කොමිසමට පසුගිය 08 වැනිදා සිට ඊයේ දිනය දක්වා කාලය තුල නව පැමිණිලි 157ක් ලැබි ඇත. එම කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස මහතා පවසන්නේ කොමිසමට නම් කළ නව සාමාජිකයින් ද  සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකරන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවේ සුවිශේෂී සංකේතයක්‌ බවට පත්ව සිටින මහේල ජයවර්ධනගේ සමුගැනීමේ තරගය කෙසේ සංවිධානය වියයුතුදැයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ නිලධාරියකු මහේල ගෙන්ම  අදහස්‌ විමසා සිටීම මේ වන විට ක්‍ෂේත්‍රයේ කථා බහට ලක්‌වෙමින් තිබේ.

දඟ පන්දු යවන පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක සයීඩ් අජ්මාල්ගේ පන්දු යවන ඉරියව්ව සැක සහිත බවට පැමිණිලි ලැබී ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි.

ඉන්දීය බටහිර බෙංගාල ප්‍රාන්ත පොලිසිය සංවිධානය කළ උත්සවයකදී පොලිස් නිලධාරිනියක් වේදිකාවට පැමිණ සුපිරි සිනමා නළු ෂාරුක් ඛාන් සමග නර්තනයේ යෙදීම මතභේදයට තුඩු දී තිබේ.

පකිස්තානයට එරෙහිව ඉරිදා අවසන් වූ තරඟයේ අවසන් පන්දු වාර 15, බාධාවකින් තොරව ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස තමන් දෙවියන්ට යාඥා කරමින් සිටි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us