හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයෙකු ලෙස අනියුක්ත කර ඇති බව නාවික හමුදා  ආරංචි මාර්ග පවසයි.

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හා හිටපු අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු වන සජින් ද වාස් ගුණවර්ධන යන අයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

මහා පරිමාණ මූල්‍ය වංචා විමර්ශනය කිරීමේ පොලිස් කොට්ඨාශය අද (26)පෙරවරුවේ ස්ථාපිත කිරීමට නියමිතය. ඒ කොළඹ 03, කාලවිල් පෙදෙසේ පිහිටි පැරණි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගේ කාර්යාලයේදීය.

චීන ආධාර යටතේ කොළඹ ගාලු මුවදොර ඉදිවෙමින් පවතින පෝර්ට් සිටි (Port City ) ව්‍යාපෘතිය පිළිබඳ ව සොයාබැලීමට පත් කර ඇති කමිටුවේ සිටින මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සමන්ත හෙට්ටිආරච්චි මහතා මෙය ඉදිකරන චීන සමාගම් වලද පරිසර උපදේශකයෙකු ලෙස කටයුතු කරන බව පරිසර සංවිධාන චෝදනා කරයි.

විදේශ ගතව සිටි හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා අද (26)දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

දුම්රිය මගීන්ට ප්‍රධාන දුම්රිය ස්ථානවලදී නොමිලේ අන්තර්ජාලයට පිවිසීමේ වයි ෆයි පහසුකම් ඉදිරියේදී ලබාදීමට යයි. ජංගම දුරකථන මගින් හා ලැප්ටොප් මගින් මෙම පහසුකම් ලබාගත හැකි ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපති මන්දිරයේ භෝජනාගාරය සඳහා පවරාගෙන තිබූ ජනාධිපති ලේකම් කාර්යාලය අසල පිහිටි තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැගිල්ල නැවත තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රජය තීරණය කර ඇතැයි තැපැල් සහ මුස්‌ලිම් ආගමික කටයුතු ඇමැති එම්. එච්. අබ්දුල් හලීම් මහතා පැවසීය.

විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (25 දා) රාත්‍රී චීනය බලා පිටත්ව ගියේය.

ld add copy

Latest News

දන්සල් සඳහා නීති රැසක්

දන්සල් සඳහා නීති රැසක්

වෙසක් පොහොය ඇතුළු ප්‍රධාන පොහොය දිනයන්හිදී පවත්වන දන්සල් සඳහා අරමුදල් හෝ ආධාර රැස් කරන්නේ නම් එය අදා...

Connet With Us