උතුරු නැගෙනහිර පළාත් සභා සඳහා පොලිස් බලතල බෙදීම පොදු මහජන ප්‍රතිපත්තියක් මත සිදු කළ නොහැකි බව රජය යළිත් වරක් සඳහන් කරයි.

ආර්ථික දුෂ්කරතා තවදුරටත් දරාගත නොහැකිි නිසා දේශපාලනයෙන් ඉවත්වී ආදායම් උපයාගත හැකි වෙනත් කටයුත්තක නිරත වන්නැයි සිය බිරිද තමන්ට යෝජනා කළ බව ජනතා  විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික,  බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර කේ ඩී ලාල්කාන්ත මහතා පවසයි.

ගාල්ල කරාපිටිය රෝහ‍ලේ කසළ බැහැර කිරීම නතර කිරීම හේතුවෙන් එම රෝහල වසා දැමීමේ තත්ත්වයක් උද්ගතව ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා ගේ ද, අලූතින් පත්වූ විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා ගනේෂන්ගේ සහ හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රකාශ් ගනේෂන්ගේ ද ආදරණීය මෑණියන් වූ ඩයනා රූත් ගනේෂන් මාතාව පෙරේදා   (23) දා රාත්‍රී අභාවප්‍රාප්ත වූවාය.

බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනී හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය විසින් ජවිපෙ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ලාල් කාන්ත මහතා වෙත ලබා දුන් අයිස් බකට් අභියෝගය භාර නොගන්නා බව ලාල් කාන්ත මහතා පවසයි.

ඌව පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය සඳහා සජිත් ප්‍රේමදාස මහතා එක්කර ගැනීම අනිවාර්ය සාධකයක්  බැවින්, ඔහුට වහාම නියෝජ්‍ය නායකත්වය ලබා දී ඌව මැතිවරණය මෙහෙයුම් බාරදෙන ලෙස මොනරාගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර ඇතුළු ඌව පළාතේ සංවිධායකයින් පිරිසක් එම පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා බලපෑම් කරමින් සිටින බව වාර්තාවේ.

2001 වසරේ ඉන්දියාවේ වයස අවුරුදු 5ට අඩු ළදරු මරණ මිලියන 2.3ක් වාර්තා වී තිබූ අතර 2012 වසර වන විට එය මිලියන 1.4 දක්වා අඩු කර ගැනීමට හැකි වී තිබේ. එහෙත් තවමත් ගෝලීය ළදරු මරණවලින් සියයට විස්සක්ම වාර්තා වන්නේ ඉන්දියාවෙනි.

ඌව පළාත් සභාවට ජාතික නිදහස් පෙරමුණෙන් තරග වදින බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක සරත් රද්දැල්ල මහතාගේ දියතලාවේ පිහිටි නිවසේ පක්ෂයේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24 දා) පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමක් වෙනුවෙන් සිදුකළ සැරසිලි හා කටවුට් කඩා බිඳ දමා ගිනිබත් කර ඇත.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us