බලශක්තියෙන් සපිරි රටක්" නව බලශක්ති සැලැස්ම ජානධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ්හි දී අද (31) එළිදැක්වීමට නියමිතය. 2020 වසර වනවිට අපේම බලශක්තියෙන් අපේ ආර්ථීකය සහ සංවර්ධන කාර්යයන් උපරිම මට්ටමෙන් ඉටුකර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකසා ඇත.

රුපියල් කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කළැයි සැකපිට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන විට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ඊයේ (30) නියෝග කළේය.

තමා යාපනෙය් සංචාරෙය් නියුතු වූ අවස්ථාවේ යාපනයේ රජමාළිගය නැරඹීමට ගිය බවත් එය සෑදීමට රුපියල් මිලියන 1000ක් වියදම් කර අැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු 'පොඩි ලැසි' නැමැත්තා බවට පොලිසිය විසින් හඳුනාගෙන ඇත.

නව ශී‍්‍ර ලංකාවක් ඇති කිරීමේ මූලික පියවරක් ලෙස ලංකාවේ සෑම ප‍්‍රදේශයක්ම නිදහස් අන්තර්ජාල සේවාව(free wifi) මඟින් එකතු කරන බවට දින සියය යටතේ වූ පොරොන්දුව අද දින ඉටු කරන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේය.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධුරය ලැබීමට වඩාත්ම සුදුසුකම් සහිත මන්ත්‍රීවරයා බව මුස්ලිම් කොන්ග්‍රසය පවසයි.

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් මේවන විට ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

තිඹිරිගස්යාය ප්‍රදේශයේ ශබ්දාගාරයකදී හඬ කැවුනු චිත‍්‍රපටයක් මගින් මෙරට හමුදාවට අපහාසයක් සිදුවන බවට පොළීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව පොලීසිය මේ පිළිබඳ පරීක්ෂණ සිදුකර ඇති අතර මූලික පරීක්ෂණවලදී එම චෝදනා තහවුරු වී නොමැති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා  සඳහන් කරයි.

ld add copy

Latest News

පොලිස් නිලධාරීන් 4,308 ක් සේවයෙන් ඉවතට

පොලිස් නිලධාරීන් 4,308 ක් සේවයෙන් ඉවතට

2020 වසරේ සිට මෙම වසරේ ජූනි 24 දක්වා වූ වසර 7කට ආසන්න කාලසීමාව තුළ විවිධ හේතූන් මත පොලිස් නිලධාරීන්...

Connet With Us