රයිගම් ටෙලීස් 11 වැනි වරටත් 2015 ජුනි මස 12 වැනි සන්ධ්‍යාවේ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වීමට නියමිතව තිබේ. 
 
 දශකයක් පුරාවට අඛන්ඩව පවත්වාගෙන එන ලද මෙම රයිගම් සම්මාන උළෙළ සමස්ථ ටෙලි මාධ්‍යයම ආවරණය කරමින්  පැවැත්වේ.

බි‍්‍රතාන්‍යයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හියුගෝ ස්වේයර් මහතා අද (28) සිව් දින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණිමට නියමිතය. ඔහු තම ශ‍්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ප‍්‍රධානීන් හමුවී සාකච්ඡා පවත්වන බව බි‍්‍රතාන්‍ය විදේශ අමාත්‍යංශය නිවේදනය කලේය.

වත්මන් රජය රටේ තිබෙන රාජ්‍ය ආයතන 300න් 279ක් ම පවරා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඇමැතිවරුන්ට බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අනාවරණය කළේය.

වත්මන් අගවිනිසුරුවරයා සිය ධුරයෙන් ගෞරවාන්විතව ඉල්ලා අස්‌වී යා යුතු බව සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.

එය රටත් ජනතාවත් වෙනුවෙන් කරන ඉතා හොඳ ක්‍රියාවක්‌ බවද ඊයේ (27 වැනිදා) කෝට්‌ටේ නාග විහාරස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීහ.

මෛත්‍රිය සහ නීතියේ ආධිපතයි එකට පටලවා නොගන්නා ලෙස තමන් ජනාධිපති ප්‍රමුඛ වත්මන් ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටින බව බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ඊයේ ( 27 වැනිදා) පැවසුවාය.

ලලිත් හා කුගන් සහොදරවරු ඇතුළු තවත් බොහෝ දෙනා පැහැරගැනීම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අපරාධ පරීක්ෂණ දෙපාරතුමේන්තුවට අද (27) දින පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. මෙම අවස්ථාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා ඇතුළු අතුරුදන් වූවන්ගේ ඥාතීන් පිරිසක්ද සහභාගී විය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික නොයෙල් මුදලිගේ හෙවත් කුමාර ගුණරත්නම් මහතාගෙන් ප්‍රශ්න කිරීම පිණිස ආගමන විගමන දෙපාර්තමේන්තුව ඔහු කැඳවීමට පියවර ගෙන තිබේ.

තමාටත් තම පවුලේ සාමාජිකයනටත් ද්වේෂ සහගතව මඩ ගැසීමේ ව්‍යාපාරයක් අරඹා ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.

ld add copy

Connet With Us