මහින්ද රාජපක්ෂ මහතාද එළඹෙන ජනපතිවරණය සඳහා තම නාමයෝජනා පත්‍රය මීට ටික වේලාවකට පෙර මැතිවරණ කොමසාරිස්වරයා වෙත බාර දුන්නේය.

2015 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා 30 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇත. ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ලබන වසරේ මාර්තු මාසයේදී නවසීලන්තයේදී ආරම්භ වීමට නියමිතය. අතර එම සංචිතයට ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ලගේ නමද ඇතුළත් කර තිබේ.

ජනාධිපතිවරණය සඳහා දැනටමත් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් හා ස්වාධීන කණ්ඩායම් 2ක් නාමයෝජනා බාරදී ඇති අතර ඒ අනූව දැනට අපේක්ෂකයින් 19 දෙනෙකු මෙවර ජනපති පුටුවට තරඟ වැදීමට නියමිතය.

මෙවර ජනාධිපතිවරණයට අදාළව නාම යෝජනා බාරගැනිමේ කටයුතු අදින් අවසන්වීමට නියමිතය.

ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා කැදවීමේ දැන්වීම් ප‍්‍රකාශ කළ දින සිට එනම් 2014-11-21 වැනි දින සිට ඡන්ද විමසීමේ ප‍්‍රතිඵල අවසන් වීමේ දිනය දක්වා වූ කාල සීමාව ජනාධිපතිවරණ කාල සීමාව ලෙස අර්ථ දක්වනු ලැබේ.

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්ච් මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිස්න මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250 කින් පහත දැමීමට රජය තීරණය කර අැත.

ගෑස් මිල ගණන් යළි පහත දැමීම සහ ඉන්ධන මිල ගණන් යම් තරමකින් පහත දැමීම යන කාරණා පිළිබඳ සැළකිලිමත් වෙමින් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල ගණන්ද පහත දැමීම සම්බන්ධයෙන් අවධානය යොමු වී අැත.

ld add copy

Connet With Us