bikeමාධ්‍යවේදීන් සඳහාද සහනදායී මුදලට යතුරුපැදි ලබා දිමට කටයුතු කරන්නැයි අනුරාධපුර රජරට මාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලීමක් කර ඇත.මේවන විට ද රාජ්‍ය සේවයේ නියුතු ක්ෂේත්‍ර නිලධාරීන් සදහා රුපියල් හතළිස් පන්දහසක පමණ සහනදායී මුදලකට රජය මගින් යතුරු පැදි ප්‍රදානය කිරිමට පියවරගෙන ඇත.

mahindaආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තමන් තුන්වැනි වරට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමේ නීත්‍යනුකූලභාවය පිළිබඳව අදහස් විමසීමක් ජනාධිපතිවරයා අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළම ආයතනයකින් සිදුකර තිබේ.

sajithසජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායක තනතුරට නිල වශයෙන් පත් කිරීම සඳහා වූ යෝජනාව ලබන 23 වන දා රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන බව එජාප මහලේකම්වරයා පවසයි. එම යෝජනාවට කෘත්‍යාධිකාරී මණ්ඩලය එකඟ නොවන්නේ නම් තුනෙන් එකකට නොඅඩු සාමාජික පිරිසගේ අත්සනින් යුතු ලිපියක් මගින් විකල්ප යෝජනාවක් ඉදිරිපත් කළ හැකි බවද ඒ මහතා සති අන්ත පුවත් පතක් සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.

elopedඅති සුඛෝපභෝගී රථයකින් කුඩු විකුණමින් ගිය අඹුසැමියන් ගාල්ල පෝද්දලදී පොලිසියට කොටුවෙද්දී බිරිඳ කාරයේ තනිකර දමා සැමියා පලාගොස් ඇත.

harinබදුල්ලේදී ජන හමුවක් අමතමින් හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසුවේ උම්මා දෙන නායකයන් රටට අවශ්‍ය නොවන බවයි.

raරුපියල් කෝටි හතරක මුදලකට මහනුවර නගරයේ රා තැබෑරුම් ටෙන්ඩරය අලෙවි වී ඇත.

palitaතමන් අමුමිරිස් පමණක් නොව සයනයිඞ් වුවද කන්න සූදානම් යයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා කියයි.

arestකොළඹ ජාත්‍යන්තර පාසලක පාසල් දරුවන්ට ගංජා බෙදාහරින පෞද්ගලික ආරක්ෂක සේවාවක නිලධාරියෙකු ගංජා ග්‍රෑම් තිස් පහක් සමගින් ඊයේ (12) දහවල් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us