මෛත්‍රීට මඩ ගැසූ සේපාල රත්නායක ඇල්ලීමට ඉන්ටර්පෝල් සහය පතයි

Published in පුවත්
Sunday, 03 May 2015 13:26

පසුගිය ජනාධිපතිවරණය පැවති සමයේ ජනාධිපති අපේක්‍ෂකවරයකු වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාසාත්මක වන අන්දමේ ප්‍රවෘත්තියක්‌ නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්‌ කාර්යාලයේ අමාත්‍ය ධුරයක්‌ දෑරූ සේපාල රත්නායක මහතා සොයා ගැනීම සදහා ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබා ගැනීමට කොළඹ මහේස්‌ත්‍රාත් උසාවිය පොලීසියට අවසර ලබා දී තිබේ.හිටපු ජනාධිපති මහින්ද රාජපක‍්ෂ මහතාගේ නීති උපදේශකයෙක් ලෙසද කටයුතු කළේය.

ජනාධිපතිවරණ සමයේදී 14 හැවිරිදි ළමයකු මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පැහැරගෙන ගොස් තබා ගෙන සිටින බවට වන ව්‍යාජ පුවත් නිර්මාණ කිරීමද මෙම සේපාල රත්නායක හා ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය අධ්‍යක‍්ෂකවරයෙක්ව සිටි සුදර්මන් රදලියගොඩ විසින් සිදුකළ ක්‍රියාවකි.

තම සේවා කාලය නිමා කිරීමෙන් පසු රත්නායක මහතා නැවත කොළඹට වාර්තා කොට නැත. ඔහු කොළඹට වාර්තා නොකොට එංගලන්තයේ බර්මිංහැම් නුවර ජීවත්වන ඔහුගේ මිතුරකු සමග ටික දිනක්‌ ගත කළ බව වාර්තාවේ. රත්නායක මහතා පිළිබදව මහා කොමසාරිස්‌ කාර්යාලයෙන් විමසීමේදී එහි නිලධාරියෙක්‌ කියා සිටියේ රත්නායක මහතා සේවය නිමවා ගියේ මේ වසරේ මාර්තු හතරවැනිදා බවත් ඉන්පසු ඔහු පිළිබද කිසිදු තොරතුරක්‌ නොදන්නා බවයි.

A 7

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us