යහපාලනයෙන් මඩු රක්ෂිතය විනාසයි - පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්

Published in පුවත්
Sunday, 03 May 2015 13:35

යහපාලන ජාතික ආණ්ඩුවේ ඇමතිවරයෙක් මඩු රක්ෂිතය එළිපෙහෙලි කර තම ඡන්දදායකයන්ට බෙදාදීමේ ක්‍රියාදාමයක නිරත වෙමින් සිටින බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසයි. වාණිජ්‍ය හා කර්මාන්ත අමාත්‍යවරයා වන රිෂාඩ් බදුර්දීන් විසින් මේ වනවිට අක්කර 04 ක පමණ ප්‍රමාණයක් එළිපෙහෙළි කර තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

කිසිදු පාරිසරික අනුමැතියකින් තොරව සිදුවන මෙම ක්‍රියාදාමයෙහි ප්‍රතිඵල මේ වනවිට ද ලැබී ඇති අතර රක්ෂිතය අසල ගම්මානවල ජනතාවගේ පානීය ජල මූලාශ්‍ර සිඳී යමින් පවතින බව සඳහන් කළ කාරියවසම් මහතා පෙන්වා දෙන්නේ මේ එළිකිරීම නිසා එම වනාන්තරයේ සිටින අලි ඇතුන් එළුවන්කුලම රක්ෂිතයට ඇතුළුවීමේ අවදානමක් පවතින බවයි.

මෙම ප්‍රදේශය සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ඇති බවත් මේ සිදුවන්නේ එහි මූලික පියවර වශයෙන් ප්‍රදේශය ජනාකීර්ණ තත්ත්වය දක්වා වර්ධනය කිරීම බවත් පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා ප්‍රකාශ කරයි. ඉන් පසු මේ හරහා ඉදිවීමට නියමිත ඉන්දියාව දක්වා දිවෙන අධිවේගී මාර්ගය හා සම්බන්ධ ව්‍යාපෘතියක් ලෙස මෙම සංචාරක ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමට නියමිත බවත් ඒ හරහා මඩු රක්ෂිතය සම්පූර්ණයෙන් විනාශ වීමේ අවදානමක් ඇති බව ද ඒ මහතා පවසයි.

lankanewsweb

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us