දුරකථන ජාලවලට සම්බන්ධ දුරකථන ඔස්සේ ඡන්ද විමසීමට තරග කරන අපේක්ෂකයන්ගේ පටිගත කළ දැන්වීම් හා ප්‍රචාරක කෙටි පණිවුඩ යැවීම නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට බාධාවකි.

ළමා අයිතිවාසිකම් ආරක්ෂා කොට සුරක්ෂිත කිරීම සඳහා ප්‍රතිඥා ලබාදෙන බවට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ඊයේ (16දා) ප්‍රතිඥා ලබාදුන්නේය.

 ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසන්නේ තමන් ඒකාධිපති ලක්ෂණ සහිත නායකයෙකු නොවන බවයි. ඒ පිළිබද ඇතැමුන් නගන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් හමුදාවේ විනය පවත්වාගෙන යාම සඳහා දැඩිව ක්‍රියා කළ ද සිවිල් ජනතාව සමග දේශපාලනය කිරීමේදී එවැනි ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවත් පැවසුෙව්ය.

ශ්‍රී ලංකාවේ සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායම අතැර ඉන්දියාවේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා එක්ව චැම්පියන්ස් ලීග තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග සඳහා එක්වූ ලසිත් මාලිංගටත් නැවතත් ශ්‍රී ලංකාව බලා පැමිණීමට සිදුව තිබේ.

07 හැවිරිදි සිය මිණිබිරිය දුෂණය කළ බව කියන 70 හැවිරිදි සියා කෙනෙකු මොරවක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් මීට නොබෝ වේලාවකට පෙර ආරම්භ කෙරුණි.

තමා රජයෙන් ඉවත් කිරීමට ඇතැම් බලවේග රහසිගතව ක්‍රියාත්මක වුවද එම කුමන්ත්‍රණ සාර්ථක නොවන බව පවසන ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, තමා ආණ්ඩුවෙන් ඉවත්ව නොයන නමුත් ගැනීමට ඇති සියලුම දේශපාලන තීන්දු ඇතුළේ ඉඳන්ම ගන්නා බවත් එම තීන්දු ගැනීමේදී නැතිවන්නේ මොනවාද යන්න සම්බන්ධයෙන් නොසිතන බවත් ආවධාරණය කර සිටී.

දිනුම් අංක සහිත ලොතරැයි ටිකට්පත් ව්‍යාජ ලෙස සකසා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගෙන් මුදල් වංචා කාරීමේ ජාවාරමක් පොලිසිය විසින් හෙලිකර ගෙන ඇත.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us