ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 100කට ආසන්න මුදලක් වංචා කළැයි කියන සිද්ධියකට සම්බන්ධව ප්‍රබල අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඒ. කුසලානි පුංචිහේවා මහත්මිය නියෝග කළාය.
බලන්ගොඩ දෙහිගස්තලාව ප‍්‍රදේශයේ දී කාන්තාවකගේ (54) පාදයකින් කොටසක් කපා රැගෙන ගිය සැකකරුවන් දෙදෙනා පොලිසිය විසින් අද අළුයම අත්අඩංගුවට ගැනුණි. මෙම සැකකරුවන් එකම පවුලේ පියා සහ පුතා බව පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේය.
භික්ෂූන් වහන්සේ ගේ කාර්යභාරය විය යුත්තේ රාජ්‍ය බලය ලබා ගැනීමට වෙහෙසවීම නොව ආගම ව්‍යාප්ත කිරීමට කැපවීම බව බව අගමැති දි.මු. ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ විවිධ ප‍්‍රදේශ වල පුද්ගලයින් 7575 දෙනෙකු අවතැන් කඳවුරුවල වාසය කරයි.
නායයාමෙන් අවතැන්වූ ළමුන්ගේ අයිතිය උතුරු පළාත් සභාවට නොවේ
Published in
පුවත්
Monday, 03 November 2014 16:28
මීරියබැද්ද නායයාමෙන් අවතැන්ව සිටින ළමුන්ගේ අයිතිය උතුරු පළාත් සභාව විසින් ඉල්ලා ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගෙන් ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ ඇතැම් සාමාජිකයන් ලිංගික අල්ලස් ඉල්ලන බවට පසුගියදා මාධ්‍ය මගින් අනාවරණය කරන ලදී.
දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ සංවිධායකව සිට ඉන් ඉවත්වී පසුව එජාප යට එක්වූ ජස්ටින් ගලප්පත්ති මහතා වැලිගම ආසනයේ එජාප ප්‍රධාන සංවිධායක ධුරයට පත්කර තිබේ.
හල්දුම්මල, මීරිබැද්ද නායයාම හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල නායයෑමේ තර්ජන මතුවීමට ආසන්නතම හේතුව වී ඇත්තේ උමා ඔය සංවර්‍ධන ව්‍යාපෘතිය යටතේ හාරමින් යන උමගේ බලපෑම බවට බරපතල සැකයක් ඇතිවීතිබෙන බව පරිසර වේදීන් සඳහන් කරයි.