බැසිල් ඇතුලූ පිරිස ආයෙත් රිමාන්ඞ්

Published in පුවත්
Thursday, 07 May 2015 13:16

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු සිව්දෙනා මේ මස 20 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කළේය. ඒ ඔවුන්ව අද (07) යළිත් කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවය.

මෙම සිව්දෙනාගෙන් දෙවන සැකකරු ලෙස හඳුනාගෙන සිටින ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක අසනීප තත්ත්වයක් හේතුවෙන් අද උසාවිය හමුවේ පෙනී සිට නැත.

ඒ අනූව බැසිල් රාජපක්ෂ මහතා සමඟ එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ආර්.කේ.කේ.ඒ.රණවක එම දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරුන් ලබන 20 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ සේවාලාභීන්ගේ මුදල් අයථා ලෙස පරිහරණය කරන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා අද දිනයේද ගිලන් රථයෙන් අධිකරණ භූමියට රැගෙන විත් තිබූ බව වාර්තාවේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us