මෙවර අයවැයෙන් රු. 10,000 කින් වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා ආණ්‌ඩුවට බලකරමින් වෘත්තීය සමිති රැසක්‌ එකතු වී දැවැන්ත උද්ඝෝෂණයක්‌ ඊයේ (20) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි.

මැලේසියාවේ සිට මෙරට සංචාරයකට පැමිණි අවිවාහක මාධ්‍යවේදිනියකට අනුරාධපුර පැරණි පූජා නගරයේදී බරපතල ලිංගික අතවරයක් සිදු කළ බවට හා ඊට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තරුණයන් සිව් දෙනකුගෙන් එක් අයකු මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු යුරේෂා ද සිල්වා මෙනෙවිය නියෝග කර තිබේ.

දේශපේ‍්‍රමි නායකයෙකු එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම්කර තිබුණේ නම් ඔවුන්ට සහය දීම පිළිබඳ සලකා බැලිමට තිබු බව ජාතික හෙල උරුමය පවසයි.

ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ බීඞ් පාර්ලිමේන්තු අසුන වෙනුවෙන් පැවති අතුරු මැතිවරණයේදී පි‍්‍රතම් මුන්ඬේ වැඩි ඡන්ද ලක්ෂ 7ක් ලබා ඉන්දීය ලෝක් සභා ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවීමට සමත් වී සිටී.

මන්ද පෝෂණය ඉහළට

Published in පුවත්
Monday, 20 October 2014 14:25
නිසි පෝෂණයක් නොමැතිකම නිසා දරුවන් මන්ද පෝෂණයට ගොදුරු වේ.මෙරට දරුවන් අතර මන්දපෝෂණය දිනෙන් දින ඉහළ යමින් පවතින බව වාර්තාවේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසුරිය මහතාට තර්ජනය කිරීමට සම්බන්ධ පුද්ගලයින් හදුනාගැනීම සඳහා මොරටුව විශ්ව විද්‍යාලයේ සහය ලබා ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබාදී තිබේ.
විදේශිකයින්ට ඉඩම් විකිණීම තහනම් කිරීමේ ඉඩම් පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය. සන්තකය පැවරීම සීමා කිරීමේ පනත ලෙසද එය හැදින්වේ.
අයි. එස්. සටන්කාමීන්ට එරෙහිව කුර්දි හමුදා සිදුකරන මෙහෙයුම්වලට සහය ලබාදීම සඳහා ඇමරිකානු ගුවන් හමුදාව අවි ආයුධ, ජීව උණ්ඩ සහ ඖෂධ ලබාදී ඇත.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us