කුමාර් ගුණරත්නම් මහතා අද දින ඕස්ට්‍රේලියාවය යාමට නියමිත බවට අප විසින් පළ කළ පුවත සම්බන්ධයෙන් එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු යැයි හඳුන්වා ගත් අයකු දුරකතන ඇමැතුමක් ලබා දෙමින් පැවැසුවේ ඔහු අද දින විදේශ ගත නොවන බවත් ඔහුට එරෙහිව පවතින නීතිමය ගැටළුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත්ය.

රාජපක්ෂ ආණ්ඩුව lankaenews වෙබ් අඩවි කාර්යාලය ගිනිතබා විනාශ කිරීම පිළිබදව පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබදව රටට අනාවරණය කරන ලෙසත් සිදුවු පාඩුවට වන්දියක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටිමන් එහි කතෘ සඳරුවන් සේනාධීර මහතා වත්මන් ආණ්ඩුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ අගමැති අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටී.

2012 සැප්තැම්බර් 27 අළුයම ජනක බන්ඩාර හා සසිත පි‍්‍රයංකර යන සරසවි සිසුන් දෙදෙනා ගේ මරණ මහින්ද රාජපක්ෂගේ නියෝගය කට අනුව සිදුකළ ඝාතනයක් බව තහවුරු කළ හැකි තොරතුරු හෙලිවී ඇත.

දූෂණ චෝදනා හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරනු ලැබූ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර මහතාට පසුගිය රජයේ සිදුව ඇතැයි කියන වංචා සහ දූෂණ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීම සඳහා අගමැතිවරයාගේ දූෂණ විමර්ශන කමි‍ටුවට පත්කර ඇත. එමෙන්ම ඔහු අපරාධ පරික්ෂණ දෙපර්තමේන්තුවේ ප්‍රධානියා වීමටද අගමැතිවරයාගෙන් ඉල්ලීම් කර ඇති බවත් වාර්තාවේ.

පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා අද දින(31) ඒ මහතා පදිංචිව සිටින ඕට්‍රේලියාවේ නිවස බලා පිටත්ව යාමට නියමිත බව වාර්තාවේ.

බැසිල් රාජපක්ෂට හිමිකාරිත්වයක් පවතී යැයි සැලකෙන කොබෙයිගනේ පවත්වාගෙන යන නීතිවිරෝධි ජිෆී ප්‍රඩක්ට් කොහු කර්මාන්තායතය වහාම තහනම් කරන ලෙස ඉල්ලා එම ප්‍රදේශයේ ජනතාව එම කාර්මාන්තායතනය වටලා ඇතැයි වාර්තාවේ.

පොදු රාජ්‍ය මණ්ඩලිය මහලේකම් කමලේෂ් ශර්මා මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (31) දිවයින පැමිණිමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

බොහෝදෙනෙක් නොදන්නා කරුණක් තමයි ගොඩක් පිරිමින් ලිංගික ගැටළුවලින් පීඩා විඳිනබව.ඇමරිකාවේ සිදුකල අධ්‍යනයකට අනුව එරට වෙසෙන වයස 60ට අඩු මිනිසුන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකුටම ලිංගික ගැටළු තිබේ.

ld add copy

Latest News

Connet With Us