කැනඩා පාර්ලිමේන්තු පරිශ‍්‍රය තුළ අද සිදුවූ ප‍්‍රහාරය  ඇතැම්විට සැළසුම් සහගත ප‍්‍රහාරයක් විය හැකි ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල කුකුළු මස්‌ පරිභෝජනය කිලෝ ග්‍රෑම්‌ 8 1/2ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ අද(23) දිනයේ මැතිවරණ කොමසාරිස්වරයා හමුවීය.

කුඩා දරුවන් සමග සිඟමනේ යෙදෙන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් වන තොරතුරු ඇත්නම් ඒ සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානයට ලබා දෙන ලෙසය.

මීට වසරකට පමණ පෙර දඹුල්ල ප‍්‍රදේශයේදී  අතුරුදන් වූ සිව් හැවිරිදි පිරිමි දරුවෙකු සිඟමන සඳහා යොදාගත් බව කියන යාචකයෙකු  ඊයේ අම්බලන්ගොඩදී අත්අඩංගුවට ගැනුණි. මේ වන විට අදාළ සැකකරු දඹුල්ල මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. අදාළ දරුවා සිය මිත්තණිය සමග අම්බලන්ගොඩ බස් නැවතුම්පොළේ සිටියදී මෙම පැහැරගැනීම සිදුවී ඇත.

කෙසේ වෙතත් අදාළ මිත්තණිය ද සිඟමනේ යෙදුණු කාන්තාවක් බව පරීක්ෂණවලදී අනාවරණ වූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මෙම දරුවා සොයා ගැනීමට පොලිසිය විසින් මාස 10ක පමණ කාලයක් විවිධ උත්සහ දැරීය. දඹුල්ල පොලිසිය වෙත ලද තොරතුරක් මත එවැනි දරුවෙකු සොයාගෙන ඇත. එම සොයාගත් දරුවාගේ මව සහ මිත්තණිය විසින්, තමන්ගේ දරුවා බවට හදුනාගෙන තිබේ. එමෙන්ම මෙම දරුවා යාචකයෙක් බාරයේ තබාගෙන සිට ඇති අතර දරුවාගේ මිත්තනිය ද යාචක වෘත්තියේ දී සිටි බවට ද තොරතුරු අනාවරණය වී ඇත.

මාතෘත්වය හා පිතෘත්වය පරික්ෂා කිරීම සදහා DNA පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව ය.

විදේශ කටයුතු අමාත්‍යංශයේ පවතින දුර්වලකම් සහ අඩුපාඩු හේතුවෙන් ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ අපකීර්තියට ලක්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය රජීව විජේසිංහ මහතා පවසයි.

Google සමාගමෙන් Gmail ගිණුම්වලට පිවිසීම සඳහා නව ආරක්ෂිත ක්‍රමයක් හඳුන්වා දී තිබේ.

තමන් වහන්සේට ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂක වශයෙන් ඉදිරිපත් වීමට එක්‌සත් ජාතික පක්‍ෂයේ සහයෝගය ලබාදෙන ලෙස ප්‍රසිද්ධියේ ඉල්ලා සිටීමට මාදුළුවාවේ සෝභිත හිමියන් තීරණය කර ඇත.

පසුගිය වසර කීපය තුළ කිසිදු වැටුප් වැඩි වීමක් නො කළ ආණ්ඩුව ලබන සිකුරාදා ඉදිරිපත් කරන ‘මැතිවරණ අයවැයෙන්’ රජයේ සේවකයන්ට රුපියල් පන් දහසක පඩි වැඩි වීමක් ලබා දීමේ සූදානමක් තිබෙන බව තමන්ට දැන ගන්නට ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us