විමල් දින පොත් වලට මිලියන 140ක් වියදම් කරලා?

Published in පුවත්
Thursday, 04 June 2015 10:02

දින පොත් හා දින දර්ශන මුද්‍රණයට නිවාස ඉදිකිරීම් ඉංජිනේරු සේවා සහ පොදු පහසුකම් අමාත්‍යාංශය වියදම් කළැයි පැවසෙන රුපියල් මිලියන 140 ක මුදල අවභාවිත වී ඇත්දැයි වහාම පරීක්ෂණයක් කොට අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියම කළේය.

නිවාස ඉදිකිරීම් ඉංජිනේරු සේවා සහ පොදු පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින ආයතන 09ක් සඳහා 2015 වර්ෂයට අදාළ දිනපොත් හා කැලැන්ඩර් මුද්‍රණය කිරීම වෙනුවෙන් නුගේගොඩ ඉමාෂි ප්‍රකාශන ආයතනයට මිලියන 140ක මුදලක් ගෙවීමෙන් මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට ඕෂන් වීව් පෞද්ගලික සමාගමේ සභාපති පූර්ණ චන්දන සිල්වා මහතා කළ පැමිණිල්ලක් පිළිබඳ අධිකරණයට දැනුම් දෙමින් කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

දින පොත් හා කැලැන්ඩර් මුද්‍රණය කිරීම වෙනුවෙන් වැය කළ රුපියල් මිලියන 140ක මුදල සෘජුව හෝ වක්‍රව උපලබ්දි හෝ ව්‍යුත්පන්න කර ඇද්ද? යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වන බව දැනුම් දුන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, මුදල් විශුද්ධිකරණ පනත යටතේ කරගෙන යන මෙම පරීක්ෂණයට අදාළ ප්‍රගතිය වාර්තා කිරීම සඳහා තමන්ට දිනපොත් ලබාදෙන්නැයි ඉල්ලා සිටියේය.

ඊට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා පරීක්ෂණවල ප්‍රගතිය ලබන සැප්තැම්බර් 05 වැනිදා දැනුම් දෙන ලෙස නියම කළේය.

අද

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us