අයවැය පරතරය අඩු කිරීම සඳහා වංචනික ක්‍රම වේදයක් අනුගමනය කරන බවට එක්සත් ජාතික පක්ෂය රජයට චෝදනාවක් එල්ල කරයි.

මාධ්‍ය කණ්ඩායම් සමග රජයේ ආයතනවලට බලහත්කාරයෙන් ඇතුළු වීමෙන් සමහර ස්වාමින් වහන්සේලා බලාපොරොත්තු වන්නේ ප්‍රචාරයක් ලබා ගෙන ප්‍රසිද්ධ වීමට බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර මහතා පවසයි.

අභියෝගවලට මුහුණදෙමින් ගවේෂණාත්මක මාධ්‍යකරණය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ වෙනුවෙන් ක්‍රියා කිරීම සඳහා 'ගවේෂණාත්මක මාධ්‍ය ජාලය' නමින් සංවිධානයක් ස්ථාපිත කර තිබේ. 

බන්ධනාගාර පුනරුත්ථාපන ක්‍රියාවලිය යටතේ බන්ධනාගාර රැඳැවියන්ට තම ඥාතීන් සමඟ අදහස් හුවමාරු කර ගැනීම සඳහා දුරකතන ඇමැතුම් ලබා ගැනීමේ මධ්‍යස්ථානයන් වැලිකඩ බන්ධනාගාරයේදී ඊයේ (15) විවෘතවිය.

බාල වයස්කාර දැරිවියන් දෙදෙනෙකුව දේවස්ථානයක් තුළදී දුෂණය කළ බව කියන දේවගැතිවරයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා,  උඩු රැවුලක් නැති,  මුළු ඇඟේ ම මයිල් ගහක් නැති, ටයි කෝට් දාන, හායි බායි කියලා කාත කරන, මේ රටේ ජන අනන්‍යතාවය නොතේරෙන අයකු බව ඉදිකිරීම් ඉංජිනේරුසේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 

දූෂණ, වංචා සහ ගවේෂණාත්මක මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට කොළඹ තිඹිරිගස්යායේ ජානකි හෝටලයකදී ඊයේ (15 ) පෙරවරුවේ සංවිධානය කළ වැඩමුළුවකට එරෙහිව නිර්නාමික ලිපි සහ දුරකථන තර්ජන හමුවේ වෙනත් ස්‌ථානයක පැවැත්වීමට සිදුවිය

වරදක්‌ කළැයි කියන තරුණයකු පොලිසියට බාර වෙන තෙක්‌ 28 හැවිරිදි එක්‌ දරු මවක වන ඔහුගේ සොහොයුරිය පැය දෙකක්‌ අත්අඩංගුවේ රඳවා ගැනීමෙන් ඇයට සිදුකළ අනිසි හිරිහැරයට සහ අවමානයට වන්දියක්‌ වශයෙන් ඇයට රුපියල් ලක්‍ෂ 1 1/2 බැගින් ලක්‍ෂ තුනක වන්දියක්‌ ගෙවන ලෙස කොට්‌ටාව පොලිසියේ වැඩ බලන ස්‌ථානාධිපති සහ එම පොලිසියේම තවත් නිලධාරියකුට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළේය.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us