යහපාලන පොඩ්ඩන්ටත් ඇමති ආරක්ෂාව

Published in පුවත්
Friday, 29 May 2015 13:26

පසුගිය මැතිවරණ සමයේ වත්මන ජනාධිපතිවරයාට සහය දැක්වීම සඳහා ඉදිරිපත් වූ ප්‍රාදේශීය දේශපාලකයින් කිහිප දෙනෙකුට ඇමති ආරක්ෂක ඒකකය මගින් ආරක්ෂාව ලබාදෙන බව වාර්තා වේ. මේ අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, අසාත් සාලි, එස් එම් මරික්කාර්, මනෝ ගනේෂන්, ප්‍රසන්න සෝලංගආරච්චි යන පිරිසට ඇමති ආරක්ෂාව ලබාදේ.

 ඇමති ආරක්ෂක ඒකකය නිර්මාණය කර තිබෙන්නේ ඇමතිවරුන්ට, නියෝජ්‍ය ඇමතිවරුන්ට සහ ඇතැම් අවස්ථාවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා අවශ්‍ය ආරක්ෂාව සැලසීම සඳහායි.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ පිළිබඳ අදහස් දක්වමින් පවසන්නේ ඇයට ආරක්ෂාව සපයා ඇත්තේ අගමැතිවරයාගේ නියෝගයකට අනුව බවයි. තමන් මත්ද්‍රව්‍යවලට විරුද්ධව අරගල කරන නිසා තමන්ට ජීවිත අවධානමක් ඇතැයි හිරුණිකා පවසයි.

මීට අමතරව ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි පවසන්නේ තමන් නිරන්තරයෙන් විරුද්ධ පාක්ෂිකයින් වෙවේචනය කරන නිසා තමන්ට ජීවිත තර්ජනයක් ඇති බවයි. මුල්ලේරියාව - කොටිකාවත්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රසන්න සෝලංගආරච්චිටද විශේෂ ආරක්ෂාවක් සපයා ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන ඇමති ආරක්ෂාව විශේෂ ඉල්ලීමක් මත ප්‍රාදේශීය දේශපාලකයින්ටද ලබාදෙන බවයි. ඔවුන් විසින් කරන ඉල්ලීමට අනුව බුද්ධිඅංශය ලබාදෙන වාර්තාව සැළකිල්ලට ගෙන මෙම ආරක්ෂාව ලබාදෙන බවත් අවශ්‍ය ඕනෑම අවසථාවක් එය ඉවත් කිරීමේ හැකිව ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us