ජනාධිපතිවරයා ඉදිරියේ පාර්ලිමේන්තු කටයුතු කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාය.
රාජ්‍ය පරිපාලන හා ප්රජාතන්ත්රීය පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පණ්ඩු බණ්ඩාරනායක දිවුරුම් දී තිබේ. පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය දිවුරුම් දුන් අතර නිවාස හා සමෘද්ධි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස හේමාල් ගුණසේකර දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
චන්ද්‍රසිරි සූරියආරච්චි ඉඩම් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී අදාළ පත්වීම් ලිපි ප්රදානය සිදු කෙරිණි.