ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වන විද්යුත් නාලිකාවල විකාශය වන ප්‍රථම වැඩසටහන අද (31 දා) රාත්‍රී 8.30 සිට ජාතික රූපවාහිනිය සහ ස්‌වාධීන රූපවාහිනිය ඔස්‌සේ විකාශය වීමට නියමිතය.

වත්මන් පාලනය මගින් තම නාලිකාවට පැනවුණ රුපියල් කෝටි 100 නව බදු මුදල නොගෙවීමට CSN නාලිකාවේ හිමිකාරිත්වය තීරණය කර තිබෙන බව වාර්තාවේ.

ඌව පළාත් සභාවේ නව අමාත්‍ය මණ්ඩලය ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ එම්.පී ජයසිංහ මහතා ඉදිරියේ අද(30) දිවුරුම් දුන්නේය.

කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද රෝගීන් සැත්කම්වලට භාජනය වීමේ කි‍්‍රයාවලිය මුළුමනින්ම අඩාල වී අැත. හෘද ශල්‍ය වෛද්‍යවරුන් රාජකාරී කටයුතු වලින් ඉවත්ව යාම මෙම තත්වයට ප‍්‍රධාන හේතුව වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා ප‍්‍රකාශ කළේය. එක් දිනකදී රෝගීන් හය දෙනෙකු සැත්කම් වලට භාජනය කළද මේ වන විට එම තත්වය මුළුමනින්ම මග හැරී ඇති බවද ඔහු ප‍්‍රකාශ කළේය. ඒ අනූව දැනට සැත්කම් සඳහා ලැයිස්තුගතව සිටින රෝගීන් සංඛ්‍යාව 650කට ආසන්නය.

පසුගිය අාණ්ඩුව සමයේ අස්ථානගතවූ අලි පොත නැවත හමුවූ බව සංචාරක අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.ඔහු මේබව පැවසූයේ සංචාරක අමාත්‍යාංශයේ  ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදීය.

එල්ටීටීඊ සංවිධානය සතුව තිබියදි ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සොයා ගන්න ලද රත්තරන් ටොන් 350 න් 310 ක් හොර රහසේ ජපන් රජයට විකිණීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එල්ලවී තිබු චෝදනාවලට ඔහු වැරදිකරු වන ලකුණු පහලව තිබේ.

ඉන්ධන මිල පහත වැටීම ඇතුළු රජය ලබාදුන් සහනදායි තත්වයන් මත තී‍්‍රරෝද රථ ගාස්තු පහත දැමීම පිළිබඳ යෝජනා සිහිනයක් පමණක් වනු ඇති බව සමස්ත ලංකා ති‍්‍රරෝද රථ හිමියන්ගේ සංගමය පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත අගමැති වීමේ සිහිනයක සිටියද මේවන විට ඒ අත් හැර දමා ඇති බව වාර්තාවේ.

ld add copy

Latest News

Connet With Us