බැංකු ගිණුමක් සම්බන්ධයෙන් මෙලෙස පැය දෙකහාමාරක පමණ කාලයක් ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකා සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.
අද(01) පෙරවරුවේ පිරිසක් පොලිස් මුල්‍ය වංචා විමර්ශන කොට්ඨාශය ඉදිරිපිටදී කළහාකාරී ලෙස හැසීරී ඇති බව වාර්තා වේ.
ඒ හේතුවෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ආරක්ෂාව වෙනුවෙන් වෙනත් ආරක්ෂක ස්ථානයකදී ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
....................................................................................................................................................
ශිරන්ති, සිරිලිය ගැන කියන්න අද FCID යයි
හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති වික්‍රමසිංහ මහත්මිය අද(01) දින මූල්‍ය වංචා විමරශන ඒකකය හමුවේ ප්‍රකාශයක් ලබා දීමට නියමිය.
සිරිලිය ගිණුම සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය සටහන් කර ගැනිමට නියමිතය.