පොළීසියේ පුටු 7 ක් මාරුවෙයි

Published in පුවත්
Monday, 01 June 2015 11:34

පොලිස්පතිවරයාගේ නියෝග මත වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්ථානාධිපතිවරුන් 07 දෙනෙකු ස්ථාන මාරුකර තිබේ.

ඒ අනුව බණ්ඩාරවෙල දිස්ත්‍රික් අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරික්ෂක පී.එම්. ජයරත්න මහතා හම්බන්තොට මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා ලෙසත්, හම්බන්තොට මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පොලිස් පරික්ෂක ඩී.පී.බුද්ධික මහතා බදුල්ල කොට්ඨාශයටත් මාරුකර යවා තිබේ.

ඌව පරණගම පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පොලිස් පරික්ෂක ඒ.ඩී.වසන්ත මහතා බද්දේගම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසත්, තංගල්ල කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ පොලිස් පරික්ෂක කේ.එම්.එල් ජනක ප්‍රිය මහතා ඌව පරණගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙසත්, දියතලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ එල්.පී.බී. සමරසිංහ මහතා කොට්ටාව පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙසද මාරුකර යවා ඇති බව සඳහන්ය.

එමෙන්ම බද්දේගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරික්ෂක එච්.කේ.හරිත් මහතා දියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසත්, කොට්ටාව පොලිස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උපපොලිස් පරික්ෂක යු.ඩබ්ලිව්.එස් තිලකසිරි මහතා බොරැල්ල අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙසත් මාරුකර යවා තිබේ.

අද(01) දිනයේ සිට මොවුන් ස්ථානමාරුකිරිම් සිදුකර ඇති බව වාර්තාවේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us