ජාතික හැදුනුම්පත් නොමැති ලක්ෂයකට පමණ පිරිසකට හැදුනුම්පත් නිකුත් කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

පසුගිය වසරේ නොවැම්බර් මස අම්බලන්ගොඩබස් නැවතුම්පලේ දී වයස අවුරුදු 03ක දරුවෙකු අතුරුදන් වී ඇති බවට පොලිස් පැමිණිල්ලක් ඒ වසරේ ලැබී තිබිණි. 

පාප් වහන්සේගේ ශ‍්‍රී ලංකා සංචාරය පැවැත්වෙන කාලසීමාවේදී ජනාධිපතිවරණයක් පවත්වන්නේනම් ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කරන්නැයි කතෝලික සභාව රජයෙන් ඉල්ලීමක් සිදු කරනයි.

ධීවර අමාත්‍යාංශය ඉදිරිපිටදී පසුගියදා පැවති උද්ඝෝෂණයට පහරදීම හේතුවෙන් තුවාල ලැබූ ධීවරයන්ට තම කනගාටුව ප්‍රකාශ කරන බවද ධීවරයන්ගේ පිටුපස සිටින ප්‍රතිගාමී දේශපාලන බලවේග හඳුනාගෙන ඔවුන්ටද පියවර ගත යුතු බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ගාසා තීරයේ ඊශ‍්‍රායලය සහ පලස්තීනය අතර  ඇතිවූ ගැටුම් විමර්ශනය සඳහා ජගත් සංවිධාන මහ ලේකම් බෑන් කී මූන් විසින් කමිටුවක් පත්කර ඇත.

හොඳ පොලිස් සේවයක් ලබා දීමට හැකිවන්නේ රාජ්‍ය තන්ත්‍රයත් පොලිසියත් මහජනතාවත් ශක්තිමත්වූ විට පමණක් යැයි නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස වැඩ භාරගනිමින් ආචාර්ය මහින්ද බාලසූරිය මහතා ඊයේ(21) සදහන් කළේය.

69 වැනි එක්සත් ජාතීන්ගේ දිනය කොළඹ 07 එක්සත් ජාතීන්ගේ පරිශ්‍රයේ දී පැවැත්වේ.

ධීවර සංවිධාන ඒකමුතුව සංවිධානය පසුගිය 20 දින ධීවර අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවුනි. ඒ මුහුදු තීරය විදේශිකයන්ට බදු දීම හා ඒම විදේශික නැව් මගින් අල්ලනු ලබන මසුන් දේශීයහා විෙද්ශීය වෙළද පොළට මුදාහැරීමට එරෙහි වීමටය.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us