වතුකම්කරුවන්ගේ ප්‍රා.සභා වලට මහ නගරසභා බලයක් අවශ්‍යයි

Published in පුවත්
Wednesday, 03 June 2015 14:43

පළාත් පාලන ඡන්දය නායකත්වය ගොඩනැගීම සදහා ඉතා වැදගත් බවත් නායකත්වය ආරම්භ වන්නේ එතැනින් බවත් වික්‍රමබාහු කරුණාරත්න මහතා පැවසුවේය. නාගරික ජනතාවගේ ප්‍රශ්න විසදා ගැනීමට බල සම්පන්න මහ නගර සභා තුළ බල මධ්‍යස්ථාන කිහිපයක් ඇතත් වතු කම්කරුවන් සදහා එවැනි පහසු ක්‍රමයක් නොමැති බව ඔහු පැවසුවේය.ඔහු මෙම අදහස් දැක්වූයේ අද(03) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

නාගරික ස්වරූපයක් උසුලන වතුකම්කරුවන් ජීවත්වන පරිසරයේ ප්‍රාදේශීය සභා ක්‍රියාකාරීක්වයක් පවතින බවත් නමුත් එහි නාගරික ප්‍රදේශයක මෙන් විශාල ජනකායක් ජීවත්වන බවත් පැවසුවේය.නිවාස,අධ්‍යාපන ආදී ගැටලු බොහෝමයක් ඇති මෙම ජනතාව ඒවා පහළ මට්ටමේ සිට විසදාගත යුතු වූවත් ඒවායේ ඇති ප්‍රාදේශීය සභා තත්වය නිසා ප්‍රශ්න විසදා ගැනීමේදී බොහෝ ගැටලු උද්ගතව ඇති බව පැවසුවේය.

මේ නිසා වතුකම්කරුවන් බොහෝමයක් ජීවත්වන නුවරඑළිය ආදී ප්‍රදේශවලදී සමහර ප්‍රාදේශීය සභා වලට මහ නගර සභා වල ස්වරූපයේ බලයක් පැවරීම හරහා ජනතාවගේ තත්වය උසස් කර ගැනීමට හා ඔවුන්ගේ ප්‍රශ්න වලට ක්ෂණික විසදුම් ලබා දීමට හැකි වන බව අවධාරණය කළේය.මේ නිසා ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ නාගරික ස්වරූපයක් ඇති පරිසරයන්ට උචිත ලෙස බලය වෙනස්විය යුතු බවයි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කල් යාමට හේතුව වී ඇත්තේ සාපරාධී අදහස් දරන්නන්ගේ ක්‍රියා කලාපය නිසා බව ඔහු පැවසුවේය.මෙම වැරදි සිද්ධාන්ත මුල් කර ගෙන 51% කට හිමි ඡන්ද අයිතිය 49% තිබිය යුතු නැති බව මූලික කර ගත් ඡන්ද ක්‍රමයක් සැදීමට යන්නන් නිසා මෙය දිනෙන් දින කල් යන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us