අරමුණ ඉටු නොවේ-පාර්ලිමේන්තුව 09 තෙක් කල්යයි

Published in පුවත්
Wednesday, 03 June 2015 15:18

ව්‍යවස්ථාදායක සභාවට පත්කිරීමට නියමිත සිවිල් සමාජ ක්‍රියාකාරීන් තිදෙනා සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමකින් තොරව පාර්ලිමේන්තුව යළි කල්තැබීමට කථානායකවරයා තීරණය කර ඇත.

ඒ අනුව පාර්ලිමේන්තුව යළි ජූනි 09 වන දින දක්වා කල්තබන ලදී.

ව්‍යවස්ථාදායක සභාවට පත්කිරීමට යෝජිත සිවිල් සමාජ ක්‍රියාකාරීන් තිදෙනා සම්බන්ධයෙන් අවසන් එකඟතාවයක් ලබාගෙන මෙම තිදෙනා පත්කිරීමට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී පැය එක හමාරක් පමණ සාකච්ඡා කරනු ලැබුවද අවසන් තීරණයක් ගැනීමට නොහැකිවී තිබේ.

ඒ අනුව අගමැතිවරයා හා විපක්ෂ නායකවරයා විසින් යෝජිත නම් සඳහන් පුද්ගලයින්ගේ කැමැත්ත මේ වන තෙක් ලිඛිතව ලබාගෙන නොමැති නිසා එකී කැමැත්ත ලබාදිය යුතු බවට කථානායකවරයා විසින් දැනුම්දී ඇත.

ඒ අනුව එළඹෙන 09 වන දින සිවිල් ක්‍රියාකාරීන් තිදෙනාගේ ලිඛිත කැමැත්ත සහිතව පක්ෂ නායකයින්ගේ රැස්වීමට පැමිණෙන බව අගමැතිවරයා විසින් ප්‍රකාශ කර ඇත.

Last modified on Wednesday, 03 June 2015 15:21

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us