ඊයේ(02) යාපනයේ පැවති ක්‍රිකට් තරඟයක තෑගි ලබාදීමේ උත්සවයකට සහභාගීවෙමින් ඒ මහතා ප්‍රකාශ කරේ ඇතැම් රාජ්‍ය නිලධාරීන් සහ අමාත්‍යවරුන් තුල උතුරේ තරුණයන් එකතු වී නැවත නැගී සිටියි යන මතයක් පැවතීම මෙයට හේතුව බවයි.
එම ඇමතිවරුන් තුල තරුණයන්ගේ හදවත් තුල නිදහස් සිතුවිලි ඇති නොවිය යුතු බවට අදහසක් ඇති බැවින් ඔවුන් කුමන්ත්‍රණකාරී ලෙස ක්‍රියාකරන බව ටී විග්නේශ්වරන් පවසයි.
එසේම මහා ඇමතිවරයා පැවසුවේ උතුරේ තරුණයන් පසුගිය පාලනයන්ට අවි අතට ගැනීම හරහා යම් බලපෑමක් සිදු කළ බව සහ පසුගිය රජය සන්නද්ධ අරගලය අවසන් කිරීම සඳහා විශාල විදේශ මුදල් ප්‍රමාණයක් වියදම් කළ බවයි.