පාඨලී චම්පික රණවක මහතා මහින්ද රාජපකෂ ජනාධිපතිතුමා වෙත යවන ලද ප්‍රධාන ලිපි 13 ක් පළමු වතාවට මාධ්‍යයට ලබාදීමට තීරණය කර ඇත. පෞද්ගලික හෝ ප්‍රසිද්ධ මාධ්‍යයක් තුළ කිසිඳු අවස්ථාවකදී පල නොවූ මෙම ලිපි 13 හි මුඛ්‍ය අරමුණු වී ඇත්තේ රටේ උන්නතිය උදෙසා ඒ ඒ අවස්ථාවන්වලදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් ප්රමුඛ කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීම බව පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටි.
විදෙස් ඡන්ද නිරීක්ෂකයින් හෙට සිට 'හොර' වැඩ අල්ලයි
අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රෙරෝ මෛත්‍රියට බරවෙයි
ලේකහවුස් මඩ ජෝතිෂ්‍ය පත්තරය මුද්‍රණයවේ. මැකො නිදි !
මෙදාපාර, හොර ඡන්ද බෑ, පෙට්ටි මාරු බෑ, කොම්පියුටර් ජිල්මාට් බෑ
මෙවර ජනාධිපතිවරණයේදී ආණ්ඩුවට කිසිදු හොර ඡන්දයක් දැමීමට , ඡන්ද පෙට්ටි මාරු කිරීමට, කොම්පියුටර් ජිල්මාට් කිරීමට හෝ මැරකම්, ප්රචණ්ඩ ක්‍රියාකොට ප්‍රතිඵලය වෙනස් කිරීමට හෝ කිසිදු ඉඩක් ලබා නොදෙන බවත් ඒ සඳහා විශේෂ වැඩ පිළිවෙලක් යොදා ඇති බවත් එජාපයේ ජේෂ්ඨ මන්ත්‍රීවරයකු පැවැසීය.
අලි හොරු ජනාධිපතිවරණ ව්‍යාපාරයේ- බලධාරීන්ගෙන් උල්පන්දම්
( වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ගතවූ වසර තුල හෙළිකරගනු ලැබූ අලි පැටවුන් ජාවාරම්වල ඉදිරි විමර්ශන කටයුතුවල වර්තමාන ප්‍රගතිය පිළිබඳ විමසා බැලීමක්)
ශ්‍රී ලංකාවේ වනාන්තර වල දිවි ගෙවූ වන අලි රංචු වලින් කුඩා පැටවුන් පැහැරගෙන විත් රුපියල් කොටි ගණනින් මුදලට විකිණීමේ ජාවාරමක් රට තුල ක්‍රියාත්මක වන බවට පරිසරවේදීන් විසින් දිගින් දිගටම සිදු කරුණු ලැබූ හෙළිදරව් කිරීම් සනාථ කරමින් ගතවූ වසර තුල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අලි පැටවුන් සම්බන්ධ ඉදිරි විමර්ශන මේ වන විටත් පවතින්නේ ඉතා ඇල්මැරුණු ස්වභාවයකින් බව අවධාරණය කල යුතුය. මේ මහා අහස පොළොව නූහුලන අපරාධය පිටු දැකීම සඳහා අදාල වැරදිකරුවන් සොයා කඩිනමින් නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට නිසි දඬුවම් පැනවීම සිදුකල යුතුව තිබුනද වගකිවයුතු පාර්ශව ඒ සම්බන්ධයෙන් නිද්‍රා සහගත පිළිවෙතක් අනුගමනය කරමින් සිටීම ජාතියේ අවාසනාවකි.
මහවැසි සමග ඇති වූ ජල ගැලීම් හේතුවෙන් රටපුරා පානීය ජල මූලාශ්‍ර බොහොමයක් දූෂණය වී අැත. ඒ අනුව ඇතැම් වසංගත රෝග ව්‍යාප්තවීමේ අවදානමක්ද පවතින බව වෛද්‍යවරුන් පෙන්වා දේ. හැකි පමණ ජලය උණුකර පෙරා පානයට ගන්නා ලෙසද ඔවුන් ඉල්ලීමක් කරයි.