තංගල්ලේ හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික සහන සේවකයෙකු වූ කුරාම් ෂෙයික් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ, තංගල්ල හිටපු ප්‍රාදේශීය සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට බරපතළ වැඩසහිත වසර 20 ක සිරදඬුවම් නියම කර තිබේ.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් "සමාජ සංහිඳියාව සහ මාධ්‍ය භාවිතය " යන තේමාව යටතේ එක් දින වැඩමුළුවක් ලබන 23 දින පෙ.ව.9.00ට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථාන ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මොනරාගල දිස්ත්‍රීක්කයෙන් ඌව පළාත් සභාවට තරඟ කිරීමට නියමිත වනජීවි ඇමතිවරයාගේ පුතුගේ ඡන්ද පෝස්ටර් ඇලවීමට බුත්තල ප‍්‍රදේශයේ ජනතාවට වතුර සැපයීමට තිබෙන බවුසරක් යොදාගෙන ඇති බව ශ‍්‍රී ලංකා ජෛව විවිධත්වය සංරක්ෂණ හා පර්යේෂණ කවය පවසයි.

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වෝක්ෂෝල් වීදියේ රජයේ ගබඩාවක සිදුකළ වැටලීමකදී පැරණි දින මුද්‍රිත ලේබල් ගලවා දමා ඉදිරියේදී කල්ඉකුත් වීමේ දින ඇති ලේබල් අලවා වෙළෙඳ පොළට යැවීමට සූදානම් කර තිබූ වතුර බෝතල් 22,000 ට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇත.

නිතර පැවැත්වෙන මැතිවරණ නිසා තමන්ටද වදයක් වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

මගීන් 295 දෙනෙකු සමගින් විනාශයට පත්වූ මැලේසියානු ගුවන් යානයේ ශ්‍රී ලාංකිකයින් සිටීද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

පුද්ගලයන් 295ක් සමග මැලේසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 යානයක් රුසියානු දේශසීමාව ආසන්නයේ යුක්රේනය වෙත කඩා වැටී ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.

වත්මන් රජය විසින් ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව කළු කඩ ව්‍යාපාරයක්‌ බවට පත්කොට ඇති බව හෙළිවන නිසා තමන් ඇතුළු එජාප මන්ත්‍රීවරුන්ට සපුගස්‌කන්ද තෙල් පිරිපහදුව නිරීක්‍ෂණය කිරීමට ආණ්‌ඩුවේ හෙන්චයියන් බාධා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය.

worky

worky1

ld add copy

Connet With Us