අද දින(11) රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කර තිබෙන 05/2015 චක්‍ර ලේඛනය අනුව මෙම මස සිට රජයේ සේවක වැ‍ටුපට රුපියල් 5000ක් දීමනාවක් එකතු කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා සන්ධානයේ හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක මහතා අද (11) අැප මත නිදහස් වූ මොහොතේ සිදු කළ ප්‍රකාශය අැතුළත් හඩ පටය පහතින්

පාසල්වල අවිධිමත් ලෙස මුදල් අය කිරීම තහනම් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක‍්‍රලේඛයට විරෝධය පළ කර අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය පේරාදෙණිය, වයඹ සහ සබරගමු විශ්වවිද්‍යාලවල අද(11)උද්ඝෝෂණ සංවිධානය කර තිබුණි.

මහාධිකරණ විනිසුරු හේමා කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය අභියාචනාධිකරණ විනිසුරුවරියක් ලෙස අද (11) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන්නාය.

ලංකා පොස්‌පේට්‌ සමාගමේ නව ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා ලෙස නලීන් රණවීර මහතා අද උදෑසන (11) වැඩ භාර ගත්තේය.

අල්ලස් ‍හෝ දූෂණ විමර්ශන කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පත්කර තිබේ.

ලාංකිකයින් විදේශ රටවලට ගොස් මුදල් උපයමින් රටට කරන මෙහෙවර අගය කර මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ කිරීමට මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නව රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ රැකියා අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් අරාබි පුවත් සේවා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා සන්ධානයේ හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක ව්‍යාජ ලේඛන හෝ ජාතිවාදිය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට සාක්ෂි පැමිණිල්ලෙන් ඉදිරිපත් කර නැති බව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (11) ප්‍රකාශ කළේය.

ld add copy

Latest News

නේපාලයේ සිදු වීම් ගැන රනිල් ගෙන් විශේෂ නිවේදනයක්

නේපාලයේ සිදු වීම් ගැන රනිල් ගෙන් විශේෂ නිවේදනයක්

නේපාලයේ කත්මණ්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ න...

Connet With Us